ආයුධ බිම තබා යටත් වෙන්න – ඊශ්‍රායල අගමැතිගෙන් හමාස් සංවිධානයට දැනුම්දීමක්

ආයුධ බිම තබා යටත් වෙන ලෙස ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු හමාස් සංවිධානයට පවසා තිබෙනවා.

ගාසා තීරයේ යුද්ධය ආරම්භ වී මාස දෙකකට වැඩි කාලයක් ගතවී ඇති හෙයින්, පලස්තීන කණ්ඩායමේ අවසානය ආරම්භ වී ඇති බව සඳහන් කළ නෙතන්යාහු අගමැතිවරයා මෙම දැනුම්දීම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර සිය ඉල්ලීම් ඉටු නොකරන්නේ නම් ප්‍රාණ ඇපකරුවන්ගේ ජීවිත පිළිබඳ විශ්වාසයක් තබා නොගන්නැයි හමාස් සංවිධානය ඊශ්‍රායලයට අනතුරු අඟවා තිබෙනවා.

එම සංවිධානය සඳහන් කරන්නේ හුවමාරුවකින් තොරව ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීමක් සිදුනොවන බවයි.

සාකච්ඡාවලින් තොරව වෙනත් රහසිගත මෙහෙයුම් දියත් කළහොත් කිසිදු ප්‍රාණ ඇපකරුවෙකු ප්‍රාණය සහිතව සිය භූමියෙන් පිටව නොයනු ඇති බව ද මාස් සංවිධානය අනතුරු අඟවා ඇති බවයි වාර්තා වුණේ.

මාස දෙකකට වැඩි කාලයක් පවතින ගසා තීරයේ යුද ගැටුම් හේතුවෙන් මේ වනවිට පලස්තීන වැසියන් 17,997ක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඉන් බහුතරයක් කාන්තාවන් සහ ළමුන් බවයි වාර්තා වන්නේ.

මේ අතර ඊශ්‍රායල සංඛ්‍යාලේඛනවලට අනුව පුද්ගලයන් 1,200ක් පමණ මෙම යුද ගැටුම් හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අවුරුදු 40 ක් වෙනතුරු ත්‍රීවීල් පදින්න බෑ.. රජය ගන්න අලුත්ම තීරණය ගන ඇමති නලින් හේවගේ හෙළිකරයි.
00:07
Video thumbnail
නාමල් ආණ්ඩුවට අනතුරු අගවයි - අවු: 2ක් සද්දෙ වහලා හිටියා..ජනපති යට ගහන්න හදනවා
05:39
Video thumbnail
අවසන් මොහොතේ තම වෛද්‍යවරයා වෙනුවෙන් පවා ගී ගැයූ නන්දා මාලනිය..
00:39
Video thumbnail
නුවර වැවට පැ#න කාන්තාවක් බේරාගත් මෙහෙයුම - මොනවා වෙලාද මේ මිනිස්සුන්ට ?
02:09
Video thumbnail
නුවර වැවට ජම්ප් එකක් දැම්ම තරුණියව බේරාගන්න දිවි පරදුවට තැබූ කොල්ලෝ ටිකට රෙස්පෙක්ට්..
02:25
Video thumbnail
යතුරුපැදියක් - ලොරියක වැදී 25ස් හැවිරිදී තරුණයා එතනම එළොව යයි - බයික් එකත් කුඩේ කුඩු
00:45
Video thumbnail
කාලගුණය උඩු යටිකුරු වන ලකුණු..ඉදිරියේදී වැසි වැඩිවෙයි - සුළං තත්ත්වයේ වැඩිවීමක්
03:40
Video thumbnail
පෙරහැරේ පිටුපසින් දුටු අපූරු දසුන... පෙරහැර මැද කැමරා ඇසක් වූ දියවඩන නිලමේ
00:10
Video thumbnail
ජොන්ස්ටන් ආණ්ඩුවට රිදෙන්නම දෙසයි..මෙයාලා පට්ටපල් බොරු කිව්වේ"මහින්ද ගත්ත චෙක් කෝ දැන් "
04:38
Video thumbnail
තව ටික දවසක් බලන් ඉමු, හන්දියක් හන්දියක් ගාණේ කියපු හොරු ටික අල්ලනකල්..
00:14