Empty Ad
AFC Banner
Empty Ad

ආයුධ බිම තබා යටත් වෙන්න – ඊශ්‍රායල අගමැතිගෙන් හමාස් සංවිධානයට දැනුම්දීමක්

ආයුධ බිම තබා යටත් වෙන ලෙස ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු හමාස් සංවිධානයට පවසා තිබෙනවා.

ගාසා තීරයේ යුද්ධය ආරම්භ වී මාස දෙකකට වැඩි කාලයක් ගතවී ඇති හෙයින්, පලස්තීන කණ්ඩායමේ අවසානය ආරම්භ වී ඇති බව සඳහන් කළ නෙතන්යාහු අගමැතිවරයා මෙම දැනුම්දීම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර සිය ඉල්ලීම් ඉටු නොකරන්නේ නම් ප්‍රාණ ඇපකරුවන්ගේ ජීවිත පිළිබඳ විශ්වාසයක් තබා නොගන්නැයි හමාස් සංවිධානය ඊශ්‍රායලයට අනතුරු අඟවා තිබෙනවා.

එම සංවිධානය සඳහන් කරන්නේ හුවමාරුවකින් තොරව ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීමක් සිදුනොවන බවයි.

සාකච්ඡාවලින් තොරව වෙනත් රහසිගත මෙහෙයුම් දියත් කළහොත් කිසිදු ප්‍රාණ ඇපකරුවෙකු ප්‍රාණය සහිතව සිය භූමියෙන් පිටව නොයනු ඇති බව ද මාස් සංවිධානය අනතුරු අඟවා ඇති බවයි වාර්තා වුණේ.

මාස දෙකකට වැඩි කාලයක් පවතින ගසා තීරයේ යුද ගැටුම් හේතුවෙන් මේ වනවිට පලස්තීන වැසියන් 17,997ක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඉන් බහුතරයක් කාන්තාවන් සහ ළමුන් බවයි වාර්තා වන්නේ.

මේ අතර ඊශ්‍රායල සංඛ්‍යාලේඛනවලට අනුව පුද්ගලයන් 1,200ක් පමණ මෙම යුද ගැටුම් හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
3
+1
3
+1
1
+1
3
+1
1
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජිවී විකාශය - 2025.04.08
04:51:41
Video thumbnail
කොන්ද පණ නැති ජනාධිපති කෙනෙක් ඔයා - සාගර ජනපතිට ප්‍රසිද්ධියේ අභියෝග කරයි
07:22
Video thumbnail
ඇතුළේ ඉඳන් ආපු චාමර ඇස්වල කඳුළු පුරවන් කරපු කතාව
10:23
Video thumbnail
රත් දෝතළු මල් හා සුදා කැබිනට් මාධ්‍ය හමුව උණුසුම් කරයි
04:57
Video thumbnail
සද්දේ දාපු දිලිත් ඉන්දවපු ඇමති හඳුන් - අන්තිමට මට නයා කියලා බනිනවා
15:23
Video thumbnail
දුකකුත් හිතේ තියාගෙන වගේ සමන්ත චාමර යාලුවා ගැන කතා කරයි
03:49
Video thumbnail
පට්ට පල් බොරු කියන්න එපා හලෝ - පොහොට්ටුවේ DV චානක රිදෙන්න කරපු කතාව
06:25
Video thumbnail
ඇමති හඳුන්ට අද හොඳටම තදවෙයි - පාඩමක් උගන්නන්න ඕන මේවා ආය නොකරන්න
18:00
Video thumbnail
බන්ධනාගාර බස් එකේ චාමර සම්පත් පාර්ලිමේන්තු එයි
03:47
Video thumbnail
සීදුවේ ඉඳිකටු ජුඩ් අවසන් ගමන් යවපු හැටි මෙන්න - අභිරහස් රැසක් එකින් එක හෙළිවෙයි
07:49

?