අපේක්ෂා රෝහලේ විකිරණ තාක්ෂණවේදීන්ගේ වෘත්තිය ක්‍රියාමාර්ගය අවසන්

මහරගම අපේක්ෂා රෝහලේ විකිරණ තාක්ෂණවේදීන් ක්‍රියාත්මක කළ වෘත්තිය ක්‍රියාමාර්ගය අවසන් කර තිබෙනවා.

සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම් වෛද්‍ය පාලිත මහීපාල මහතා සමග පැවති සාකච්ඡා සාර්ථක වීමෙන් අනතුරුවයි වර්ජනය අත්හිටුවීමට තීරණය කර ඇත්තේ.

රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය මෙම වෘත්තිය ක්‍රියාමාර්ගය ආරම්භ කළේ පසුගිය 5 වැනිදායි.

ඒ, සෞඛ්‍ය ලේකම්වරයා විසින් ඔවුන්ගේ අමතර සේවා සඳහා සිදුකරන ගෙවීම් කප්පාදුවන ආකාරයෙන් නිකුත් කළ ලිපියකට විරෝධය දැක්වීමට බව පවසමින්.

කෙසේ වෙතත් රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමයේ ලේකම්වරයා පවසන්නේ රෝහල් අධ්‍යක්ෂවරයා අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කර සිය ගැටලුව සඳහා විසඳුමක් ලබාදීමට ලිඛිතව පොරොන්දුවක් ලබා දෙන්නේ නම් මෙම වෘත්තීය ක්‍රියාමාර්ග අත්හිටුවීමට තමන් පියවර ගන්නා බවයි.

මේ සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අරුණ ජයසේකර මහතා පැවසුවේ ප්‍රතිකාර ආරම්භ කළ රෝගියෙකුගේ ප්‍රතිකාර නතර කළහොත් පිළිකාව පැතිරීමේ වේගය ඉතා වැඩි බවත්, පිළිකා රෝගය සඳහා ප්‍රතිකාර
ලබාදෙන්නේ සැලැස්මකට අනුව බැවින් එක් ප්‍රතිකාර ක්‍රමයක් පමා වූ විට සිදුකරන අනෙකුත් ප්‍රතිකාරවලින් ලැබෙන සහනයත් නොලැබෙන බවයි.

මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් ඉතා දුර බැහැර ප්‍රදේශවල සිට දින වෙන්කරවාගෙන මහරගම අපේක්ෂා රෝහලට පැමිණෙන රෝගීන් පත්ව සිටියේ දැඩි අසීරුතාවකටයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නිවසේ තිබූ සිරුරු එළියට ගෙන රැගෙන යයි - "සෙනෙහසේ කැඳැල්ලේ" නවතම තොරතුරු මෙන්න
02:31
Video thumbnail
වැඩිහිටි නිවාසයේ සිටි පිරිසගේ ඥාතීන් කළ හෙළිදරව්ව - හැම මාසෙම 35000 ගානේ සල්ලි දානවා
01:35
Video thumbnail
ගසක් වැටී සිදුවූ බිහිසුණු අනතුර දැකපු කෙනෙක් සියල්ල හෙළිකරයි - පවුලේ අය දුක දරාගන්න බැරිව හඬා වැටෙයි
01:50
Video thumbnail
හෙල්මට්වත් දාන්නේ නැතුව තනි ඉරත් කපාගෙන බයික් එකේ යන හැටි - එකදිගට වැරදි තුනක්
00:39
Video thumbnail
අනුරට රටේ ජනපතිකම ලැබිලා තියෙන්නෙත් අතපසුවීමකින් - තිස්සකුට්ටි ආණ්ඩුවට සැරටම අමතයි
03:21
Video thumbnail
බඹර ප්‍රහා _ රයට ලක්වී සිසුන් 40ක් රෝහල් ගතකෙරේ - බඹරුන්ගෙන් බේරෙන්න ළමයි හතර අතේ දුවයි
01:39
Video thumbnail
තිස්සකුට්ටිගෙන් සජබයට රතු එළි - අපේ කටවල් අවුස්සගන්නේ නැතුව සාමකාමීව ඉන්න
02:08
Video thumbnail
ගිනිගත් වැඩිහිටි නිවාසයේ අද උදෑසන තත්ත්වය - කන්න උයපු කෑමත් එක්කම අළුවෙලා තියෙන හැටි
02:06
Video thumbnail
ගුරුවරුන්ට කොකා පෙන්නන්න එන්න එපා - දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයකට යනවා අපි
05:02
Video thumbnail
ගසට ය#වූ මිනිස්සු එළියට ගත් මෙහෙයුම - "ගහ අයින් කරගන්න කියලා තිබ්බේ" මෙහි සංවේදී දර්ශන සහිතයි
01:36