වැලිකන්ද ටවුමේ ආපනශාලවක ගින්නක්

වැලිකන්ද නගරයේ පිහිටි ආපනශාලවක අද (06) අලුයම් කාලයේ හදිසි ගින්නක් ඇතිව තිබෙනවා.

පොළොන්නරුව නගර සභාවේ ගිනි නිවීමේ ඒකකය, යුද හමුදා නිලධාරීන් සහ වැලිකන්ද පොලිස් ස්ථානයේ නිලධාරීන් එක්ව මේ වනවිට ගින්න පාලනය කර ඇති බවයි වාර්තා වුණේ.

ගින්නෙන් ජීවිත හානියක් සිදුව නොමැති අතර, ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.

වැලිකන්ද පොලිසිය විසින් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්