AFC Banner
Empty Ad
Empty Ad

මවගේ මළ සිරුර සමඟ ලිංගිකව හැසිරුණු 22 හැවිරිදි පුත්‍රයා අත්අඩංගුවට

තම මවගේ මළ සිරුර සමඟ ලිංගිකව හැසිරීම සම්බන්ධයෙන් පුද්ගලයෙක් අත්අඩංගුවට ගැනුණු පුවතක් අසල්වැසි ඉන්දියාවෙන් වාර්තා වනවා.

ඉන්දෝර් පොලිසිය මඟින් 22 හැවිරිදි තරුණයෙක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

මෙම සැකකරුගේ 70 හැවිරිදි වියේ පසු වූ මව පෙනහළු ආබාධයකට ප්‍රතිකාර ගැනීම සඳහා පසුගිය දා රෝහල් ගතව තිබෙනවා.

රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි එම කාන්තාව මියගොස් ඇති අතර, පසුව ඇයගේ 22 හැවිරිදි පුත්‍රයා ඇයගේ මෘත ශරීරය රෝහලෙන් නිදහස් කරගෙන රැගෙන ගොස් ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

පසුව මෙම පුත්‍රයා පසුගිය 01 වනදා සහ 02 වනදා යන දෙදින තුළ දී මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයේ ඉන්දෝර් නගරයේ වීදියක මළ සිරුර තබාගෙන ඒ සමඟ ලිංගිකව හැසිරී ඇති බවයි වාර්තා වන්නේ.

එම අවස්ථාවේ දී මෙම පුද්ගලයා පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහුට එරෙහිව ඉන්දීය දණ්ඩ නීති සංග්‍රහයේ 297 (ඕනෑම මනුෂ්‍ය මළ සිරුරකට අගෞරවයක් දැක්වීම) යටතේ නීතිමය පියවර ගැනීමට කටයුතු කර තිබෙනවා.

අත්අඩංගුවට ගැනුණු සැකකරු කිසියම් මානසික ආබාධයකින් පෙලෙන්නෙකු ද යන්න අනාවරණය කරගැනීමට වෛද්‍ය පරීක්ෂණය සඳහා යොමු කිරීමටයි කටයුතු කර ඇත්තේ.

මෘත දේහය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වීම නියමිතව තිබූ බව ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් තොරතුරු වාර්තා කර තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
50
+1
8
+1
7
+1
23
+1
2
+1
13
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?