නැව් සංස්ථාවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරිය සේවයෙන් පහකිරීම වළක්වාලමින් නියෝගයක්

ලංකා නැව් සංස්ථා සමාගමේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (වාණිජ) ලෙස කටයුතු කළ යමුණා වෙත්තසිංහ සේවයෙන් පහ කිරීමට එම සමාගමේ සභාපති වරයා ගත් තීරණය අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කළා.

ඒ, අනුව පෙත්සම්කාරිය සේවයෙන් පහකළ 2022 වසරේ නොවැම්බර් මස 02 වනදා සිට ඇයට හිමි දීමනාවලින් අඩක් නඩු විභාගය අවසන් වන තුරු ගෙවීමට පියවර ගන්නා ලෙසත් ශ්‍රේෂ්ඨාධිකරණය නිකුත් කළ අතුරු නියෝගවල සඳහන් වුණා.

පෙත්සම්කාරිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ආචාර්ය.ජයම්පති වික්‍රමරත්න ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව ප්‍රීති පද්මන් සූරසේන, ගාමිණි අමරසේකර සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කළා.

පෙත්සම්කාරිය කියා සිටින්නේ තමන්ට එරෙහිව එල්ල කර තිබෙන චෝදනාවන් බොහෝමයකම පැමිණිලිකරු අදාළ නැව් සංස්ථා සමාගමේ සභාපතිවරයා බවයි.

නමුත් තමාගේ සේවය අත්හිටුවීම, මූලික පරීක්ෂණය සඳහා නිලධාරියකු පත් කිරීම, චෝදනා පත්‍ර ඉදිරිපත් කිරීම සහ සේවය අත්හිටුවා දඩුවම් නියම කිරීම සිදුකර ඇත්තේ සභාපතිවරයා විසින්ම බවත් ඇය චෝදනා කළා.

තමාට එරෙහිව පැමිණිලි ඉදිරිපත් කළ සභාපතිවරයා මේ ආකාරයෙන් කටයුතු කිරීම නීතියට පටහැනි බවත්, ඒ තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් ඉල්ලමින් පෙත්සම්කාරිය විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණා.

පෙත්සම් විභාගය ලබන වසරේ ජුනි මස 08 වනදා පැවැත්වීමට ද දින නියම කෙරුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වාහන සේරම නවත්තලා යෝග්‍යතා පරීක්ෂණ කළ අයුරු - "කෝ ලයිට්..සර් අපි රෑට යන්නේ නෑ බස් එකේ"
04:23
Video thumbnail
FIFA ලෝක කුසලානය උඩියටිකුරු කළ තතු මෙන්න - තරගයක් තුළ 04 පාරක් ගිනස් වාර්තා පොතට ගිය මෙසී
02:12
Video thumbnail
USAවලින් ලංකාවට ලැබුණු සුපිරි තෑග්ග - Fleet Broadband චන්ද්‍රිකා සන්නිවේදන පද්ධතියක්
00:55
Video thumbnail
"මීහ#ක් ටික අලුත් විකාරරූපි දර්ශනයක් ගෙනයනවා"ප්‍රසාද්ගේ දැඩි ප්‍රකාශයට නලින්ද සැරටම කිව්ව දේ
01:36
Video thumbnail
ජපානයට යන්න කලින් මේ කරුණු අනිවාර්යයෙන් දැනගන්න! | 2026 Update - ජපානයේ රැකියා අවස්ථා වැඩි වෙයි
03:48
Video thumbnail
අතුරුදහන් වූවන්ගේ පවුල්වලින් මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණිල්ලක් - සාධාරණයක් වෙනකල් සටන් කරනවා
03:38
Video thumbnail
නාවින්න බස් නැවතුමේදී රියදුරන් හා කොන්දොස්තරවරුන්ගේ අහඹු මත්ද්‍රව්‍ය පරීක්ෂාවක්
03:45
Video thumbnail
ඇමතිලා භාවිත කළ කොළඹ නිල නිවාසවලට මොකද වෙන්නේ? අමු කැලෑවෙලා තියෙන්නේ..ගේට්ටු කැඩිලා
02:02
Video thumbnail
සෙංකෝලය ගිල්ලත් නඩු අහන වේගය අඩුවෙන්නේ නෑ
02:46
Video thumbnail
යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:32