spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

නැව් සංස්ථාවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරිය සේවයෙන් පහකිරීම වළක්වාලමින් නියෝගයක්

ලංකා නැව් සංස්ථා සමාගමේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (වාණිජ) ලෙස කටයුතු කළ යමුණා වෙත්තසිංහ සේවයෙන් පහ කිරීමට එම සමාගමේ සභාපති වරයා ගත් තීරණය අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කළා.

ඒ, අනුව පෙත්සම්කාරිය සේවයෙන් පහකළ 2022 වසරේ නොවැම්බර් මස 02 වනදා සිට ඇයට හිමි දීමනාවලින් අඩක් නඩු විභාගය අවසන් වන තුරු ගෙවීමට පියවර ගන්නා ලෙසත් ශ්‍රේෂ්ඨාධිකරණය නිකුත් කළ අතුරු නියෝගවල සඳහන් වුණා.

පෙත්සම්කාරිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ආචාර්ය.ජයම්පති වික්‍රමරත්න ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව ප්‍රීති පද්මන් සූරසේන, ගාමිණි අමරසේකර සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කළා.

පෙත්සම්කාරිය කියා සිටින්නේ තමන්ට එරෙහිව එල්ල කර තිබෙන චෝදනාවන් බොහෝමයකම පැමිණිලිකරු අදාළ නැව් සංස්ථා සමාගමේ සභාපතිවරයා බවයි.

නමුත් තමාගේ සේවය අත්හිටුවීම, මූලික පරීක්ෂණය සඳහා නිලධාරියකු පත් කිරීම, චෝදනා පත්‍ර ඉදිරිපත් කිරීම සහ සේවය අත්හිටුවා දඩුවම් නියම කිරීම සිදුකර ඇත්තේ සභාපතිවරයා විසින්ම බවත් ඇය චෝදනා කළා.

තමාට එරෙහිව පැමිණිලි ඉදිරිපත් කළ සභාපතිවරයා මේ ආකාරයෙන් කටයුතු කිරීම නීතියට පටහැනි බවත්, ඒ තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් ඉල්ලමින් පෙත්සම්කාරිය විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණා.

පෙත්සම් විභාගය ලබන වසරේ ජුනි මස 08 වනදා පැවැත්වීමට ද දින නියම කෙරුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?