AFC Banner
Empty Ad
Empty Ad

බිරිඳ, පෙම්වතා සමඟ එක්ව සැමියා මරා අගලක සඟවලා

තම පෙම්වතා සමඟ එක්ව සැමියා ඝාතනය කර සැඟ වූ කාන්තාවක් අත්අඩංගුවට ගත් පුවතක් ඉන්දීය මාධ්‍ය අද (03) වාර්තා කරනවා.

කාශ්මීරයේ බැරමුල්ලා ප්‍රදේශයේ දී අදාළ කාන්තව අත්අඩංගුවට ගෙන ඇති අතර, ඇය සමඟ සම්බන්ධතාවක් පවත්වාගෙන ගිය පෙම්වතා ද මෙහිදී අත්අඩංගුවට ගැනීමට ඉන්දීය පොලිසිය කටයුතු කර තිබෙනවා.

රියාස් අහමඩ් මීර් නැමැති තම සැමියා පසුගිය 30වනදා සහ දෙසැම්බර් පළමු වනදා අතර රාත්‍රියේ නිවසින් පිටව ගිය පසු අතුරුදහන්ව ඇති බවට බිරිඳ පොලිසියට පැමිණිල්ලක් සිදුකර තිබෙනවා.

එම පැමිණිල්ලට අනුව පොලිසිය විමර්ශන අරඹා ඇති අතර, එහිදී සිදුකළ සෝදිසි කිරීම්වල දී මීර්ගේ සිරුර ඔහුගේ නිවස අසළ අගලක් තුළ සඟවා තිබිය දී සොයා ගැනීමට හැකිව ඇති බවයි වාර්තා වුණේ.

එහිදී පොලීසය විසින් මේ සම්බන්ධයෙන් මියගොස් සිටින මීර්ගේ බිරිඳවන ෂයිස්තාගෙන් ප්‍රශ්න කර ඇති අතර, එහිදී ඇය පාපොච්චාරණය කළේ ය තම පෙම්වතා වන වසීම් අක්‍රම් සමඟ එක්ව රාත්‍රියේ තම සැමියා මරාදමා ඔහුගේ සිරුර අගලේ සඟවා තැබූ බවයි.

මෙම ඝාතනය සම්බන්ධයෙන් පෙම්වතා වන වසීම් අක්‍රම්ගෙන් ද පොලිසියට ප්‍රශ්න කිරීමට කටයුතු අතර ඇති අතර, සැකකරුවන්ට එරෙහිව ඉදිරි නීතිමය කටයුතු සොපෝර් පොලීසිය විසින් සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
3
+1
0
+1
1
+1
2
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?