බිරිඳ, පෙම්වතා සමඟ එක්ව සැමියා මරා අගලක සඟවලා

තම පෙම්වතා සමඟ එක්ව සැමියා ඝාතනය කර සැඟ වූ කාන්තාවක් අත්අඩංගුවට ගත් පුවතක් ඉන්දීය මාධ්‍ය අද (03) වාර්තා කරනවා.

කාශ්මීරයේ බැරමුල්ලා ප්‍රදේශයේ දී අදාළ කාන්තව අත්අඩංගුවට ගෙන ඇති අතර, ඇය සමඟ සම්බන්ධතාවක් පවත්වාගෙන ගිය පෙම්වතා ද මෙහිදී අත්අඩංගුවට ගැනීමට ඉන්දීය පොලිසිය කටයුතු කර තිබෙනවා.

රියාස් අහමඩ් මීර් නැමැති තම සැමියා පසුගිය 30වනදා සහ දෙසැම්බර් පළමු වනදා අතර රාත්‍රියේ නිවසින් පිටව ගිය පසු අතුරුදහන්ව ඇති බවට බිරිඳ පොලිසියට පැමිණිල්ලක් සිදුකර තිබෙනවා.

එම පැමිණිල්ලට අනුව පොලිසිය විමර්ශන අරඹා ඇති අතර, එහිදී සිදුකළ සෝදිසි කිරීම්වල දී මීර්ගේ සිරුර ඔහුගේ නිවස අසළ අගලක් තුළ සඟවා තිබිය දී සොයා ගැනීමට හැකිව ඇති බවයි වාර්තා වුණේ.

එහිදී පොලීසය විසින් මේ සම්බන්ධයෙන් මියගොස් සිටින මීර්ගේ බිරිඳවන ෂයිස්තාගෙන් ප්‍රශ්න කර ඇති අතර, එහිදී ඇය පාපොච්චාරණය කළේ ය තම පෙම්වතා වන වසීම් අක්‍රම් සමඟ එක්ව රාත්‍රියේ තම සැමියා මරාදමා ඔහුගේ සිරුර අගලේ සඟවා තැබූ බවයි.

මෙම ඝාතනය සම්බන්ධයෙන් පෙම්වතා වන වසීම් අක්‍රම්ගෙන් ද පොලිසියට ප්‍රශ්න කිරීමට කටයුතු අතර ඇති අතර, සැකකරුවන්ට එරෙහිව ඉදිරි නීතිමය කටයුතු සොපෝර් පොලීසිය විසින් සිදුකරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.08
00:00
Video thumbnail
වන සංරක්ෂන නිලධාරින් හා ගම්වාසීන් අතර උණුසුම් තත්ත්වයක් - ඔයා මොකද වීඩියෝ කරන්නේ ?
12:25
Video thumbnail
වී ලොරිය පසුපස හඹා ආ වන අලියා - අලියට බයේ රිවස් එකට ගිය වාහන
00:51
Video thumbnail
ඥානසාර හිමි ගැන දුමින්ද කට අරියි - සිවුරට ගි#නි තියන්න සූදානම් වෙන්න එපා
03:47
Video thumbnail
වන අලියා ළඟ බයික් එකේ වාඩිවෙලා විදේශිකයා ගත්ත Fun එක - කිසි බයක් නැතුව ඉන්න හැටි
00:42
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා
01:10
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි
01:23
Video thumbnail
ආණ්ඩුව සුපිරිම සුපිරි වැඩක් කරන්නේ
01:08
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි..නාමල් ඇතුළට දැම්මේ පළිගැනීමට
02:49
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා - බැඳුම්කර මංකොල්ලයට වඩා වැඩියි
02:21