පෑනක් වගේ ගිනි අවියක් ළඟ තබාගෙන සිටි දෙදෙනෙක් මාට්ටු (ඡායාරූප)

පෑනක හැඩයකින් යුතු විදේශීය නිෂ්පාදිත කුඩා ප්‍රමාණයේ ගිනි අවියක් සනතකයේ තබාගෙන සිටි පුද්ගලයෙක් සහ එම ගිනිඅවියේ හිමිකරු පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස සොයාගෙන ඇත්තේ විදේශිය රටක නිෂ්පාදිත මිලි මීටර් 09 වර්ගයේ උණ්ඩ යෙදිය හැකි ගිනි අවියක් බවයි එම බළකාය සඳහන් කළේ.

ඊයේ (01) අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් දෙදෙනා ගම්පහ, යක්කල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 29 සහ 33 යන වයස්වල පසුවන්නන් දෙදෙනෙක්.

සැකකරුවන් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා යක්කල පොලිස් ස්ථානය වෙත භාර දී තිබෙනවා.

WhatsApp Image 2023 12 02 at 7.59.39 AM 1
WhatsApp Image 2023 12 02 at 7.59.39 AM