පාස්ටර් ජෙරම් ප්‍රනාන්දු CID අත්අඩංගුවට

දේවගැති ජෙරම් ප්‍රනාන්දු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

බුදුදහම ඇතුළු ආගම්වලට අපහාස කිරීමේ චෝදනාවට ලක්ව සිටින දේවගැතිවරයා ප්‍රකාශයක් ලබාදීම වෙනුවෙන් දෙවන දිනටත් අද (01) උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටියා.

අදාළ චෝදනාව ලබා සිටි දේවගැතිවරයා විදෙස් ගතව සිට පෙරේදා (29) දින දිවයිනට පැමිණියා.

ඊට පෙර අභියාචනාධිකරණය ඔහුට නියෝග කර තිබුනේ දිවයිනට පැමිණීමෙන් පසු පැය 48ක කාලයක් ඇතුළත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඩිජිටල් වෝහාරික විමර්ශන අංශයේ පෙනී සිට ප්‍රකාශයක් ලබාදිය යුතු බවටයි.

අදාළ නියෝගයට අනුව ඔහු ඊයේ (30) දින එම විමර්ශන අංශයට පැමිණ ප්‍රකාශයක් ලබා දුන්නා.

පැය අටක පමණ කාලයක් එක ඒකකය හමුවේ ප්‍රකාශයක් ලබා දුන් දේවගැති ජෙරම් ප්‍රනාන්දුට අද (01) දිනයේදීත් ප්‍රකාශයක් ලබාදීම වෙනුවෙන් කැඳවීම් ලැබ තිබුණා.

ඒ, අනුව අද (01) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි ඔහු අත්අඩංගුවට ගැනීමයි එහි නිලධාරීන් කටයුතු කර ඇත්තේ.

  1. MONA STATEMENTS DHA THAWA. MUGE RECORDING BALUWAMA WENA SAKSHI MOKATADHA. MEKEN MODA BATHIMATUN KALABLA WENA NISA MEHEMA KALA UNATH BUDU DAHAMA YANU ONEMA KENEKUTA, SEKA ATHI KENEKUTA PRSHNA KALA HAKI NIDAHASAK THIYENA DAHAMAK. THARKA KALA HAKI THARKIKA DAHAMAK. MAMA ANITH AGAM GENA KATHA KARANNE NAHE, EKAK DANNE NATHI NISA, ANIKA MATA EHAMA KARANNA SADACHARATHMAKA AYITHIYAK NATHI NISA. MU NODANNA MAGULA KATHA KARANNA GIHIN HATHPOLE GAGATHTHA. NAMUTH MEKATH ANDUWE NATTIYE EKA THRILL JAVANIKAWAK WITHARAYI. MEKAWA TIKA DAWASAK ATHUELE SEPATA THIYAKA ITA PASSE EPA DEELA ELIYATA DANAWA. DAN THICO KO? (THILINI PRIYAMALI).?