වැල්ලම්පිටියේ මෙහෙයුමකින් 40ක් අත්අඩංගුවට

වැල්ලම්පිටිය, සිංහපුර ප්‍රදේශයේ අද අලුයම සිදු කළ ඒකාබද්ධ මෙහෙයුමකදී මත්ද්‍රව්‍ය සහ ආයුධ සන්තකයේ තබාගෙන සිටි කාන්තාවන් හතර දෙනෙකු ඇතුළු පුද්ගලයින් 40කට අධික පිරිසක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙහෙයුමට පොලිස් විශේෂ කාර්ය බළකාය (STF) සහ ශ්‍රී ලංකා යුද හමුදාව සම්බන්ධ වූ බවයි පොලිසිය සඳහන් කළේ.

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයන් සිටීම, අපරාධ වැඩි වීම සහ මත්ද්‍රව්‍ය වැනි කරුණු හේතුවෙන් මෙම මෙහෙයුම ක්‍රියාත්මක කර තිබෙනවා.

බස්නාහිර පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, බස්නාහිර දකුණ භාර නියෝජ්‍ය පොලිස්පති ගයංග මාරපන, බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාස අධ්‍යක්ෂ, පොලිස් අධිකාරී ලලිත් අබේසේකර යන නිලධාරීන් ගේ උපදෙස් මතයි මෙහෙයුම ක්‍රියාත්මක කර ඇත්තේ.

මෙම එම සැකකරුවන් සමග කඩු 4ක්, මන්නා පිහි 6ක්, හෙරොයින් මිලිගෑම් 6160ක්, ගංජා ග්‍රෑම් 4ක්, මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගත් රුපියල් 17540ක මුදලක්, නීති විරෝධී මත්පැන් මිලිලිටර් 7000ක් සහ ත්‍රී රෝද රථයක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර අතර කිසිදු හේතුවක් නොමැතිව සිංහපුර ප්‍රදේශයට පැමිණ සිටි පුද්ගලයන් ද වන බව සඳහන්.

අලුයම 3 සිට අලුයම 6 දක්වා සිදුකළ මෙහෙයුමට අතුරුගිරිය, මීගොඩ සහ කඩුවෙල පොලිස් ස්ථානවල නිලධාරීන් 138 දෙනෙකු, යුද හමුදා නිලධාරීන් 200ක් මෙන්ම පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් 18ක් සහභාගි වී තිබෙනවා.

මෙම විශේෂ මෙහෙයුමේ තොරතුරු සැකකරුවන් වෙත නො යාම සඳහා ඉතා රහසිගත ලෙස පෙර සූදානම් කටයුතු මිරිහාන පොලිස් ක්‍රීඩාංගණයේදී සිදු කිරීම විශේෂත්වයක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
1
+1
7
+1
1
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සාම පාගමන අතරතුර ආලෝකට වෙන්න ගිය අකරතැබ්බය
00:09
Video thumbnail
සාම පාගමන අතරතුර ආලෝකට වෙන්න ගිය අකරතැබ්බය..ආරක්ෂකයෙක් ඉක්මනින් බේරගත් හැටි
00:32
Video thumbnail
තොරතුරු එළියට ගියොත් එයාලා පිටත්වෙන නිසා රහස්‍යතාවයෙන් වැඩ කළේ
02:25
Video thumbnail
හැකර්ලා ඇවිත් ඩොලර් මිලියන 2.5ට ෂොට් එක දුන්න හැටි හෙළිවෙයි..Cyber Attack එක ඊට කලිනුත් වෙලා තියෙනවා
04:38
Video thumbnail
ප්‍රධාන පෙළේ හෝටලයකදී, කැබිනට් ඇමති කෙනෙක් කරපු කැත වැඩේ..රාජිත සියල්ල එළියට දායි
01:03
Video thumbnail
රාජිත - ලාල්කාන්තට කට උත්තර නැතිවෙන්න අමතයි..කීර්තිනාමය තියෙනවා කියලා ඔප්පු කරන්න ඕනි
05:07
Video thumbnail
Hacker කෙනෙක් අතට ගියා කියන එක හිතාගන්න බෑ..ලෝකයේ පළමු වතාවට මෙහෙම වෙලා තියෙන්නේ
06:32
Video thumbnail
අනුන්ගේ ගෙයක් මැදින් පාරක් ඉල්ලලා සත්තම දාන ඇල්ලේ මන්ත්‍රීතුමිය..තෝ දැනගනින් ලේසියෙන් අත්හරින්නේ නෑ
02:36
Video thumbnail
හොරකමෙත් වෙනසක් වෙලා..මහ බැංකුවට ෂොට් එක දුන්නේ පළවෙනි පාර..
04:24
Video thumbnail
විපක්ෂයට දැන් සයිබර් ප්‍රහාරයක් ඇවිත්..නාන්නේ නැති නායකයෙක් හොයාගන්න වෙලා l Eranga Gunasekara
02:03