කාන්තාවක් ලෙස පෙනී සිටිමින් මුදල් වංචා කළ පුද්ගලයෙක් අත්අඩංගුවට

සමාජ මාධ්‍ය ඔස්සේ පුද්ගලයන් රවටා මුදල් වංචා කිරීමේ ජාවාරමකට සම්බන්ධ පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පෞද්ගලික බැංකුවක ගිණුමකින් සැක කටයුතු ලෙස මුදල් හුවමාරු වන බවට මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය මගින් නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයට දැනුම්දී ඇති අතර ඒ අනුව කළ විමර්ශනයකදී යි සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ.

අදාළ ගිණුම මගින් කෙටි කාලයක් තුළ රුපියල් මිලියන ගණනක මුදලක් හුවමාරු වී ඇතැයි සඳහන්. ඒ අනුව විමර්ශන සිදුකළ අදාළ ඒකකය හඳුනාගෙන තිබුණේ, වැල්ලම්පිටිය ප්‍රදේශයේ පුද්ගලයෙකුට එම ගිණුම අයත් බවයි.

අනතුරුව අදාළ ගිණුමට මුදල් බැර කළ පුද්ගලයෙකුගෙන් විමර්ශන නිලධාරීන් ප්‍රකාශ සටහන් කරගෙන තිබුණා.

එහිදී ඔහු පවසා ඇත්තේ, අන්තර්ජාලය හරහා තමන් කාන්තාවක් සමග සමීප සබඳතාවක් ගොඩනගා ගත් අතර අනතුරුව ඇයගේ ඉල්ලීම පරිදි අවස්ථා කිහිපයකදී බැංකු ගිණුමකට මුදල් බැරකළ බවයි.

කෙසේවෙතත් ඇය කිසිඳු අවස්ථාවක හමු නොවීම නිසා එම සම්බන්ධය නතර කළ බවයි ඔහු සදහන් කර ඇත්තේ.

එම ප්‍රකාශයට අනුව අදාළ බැංකු ගිණුම භාවිත කළ පුද්ගලයා වැල්ලම්පිටිය ප්‍රදේශයේ දී විමර්ශ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වල පවසා ඇත්තේ තමන් කාන්තාවක් බව අඟවමින් පිරිමි පුද්ගලයින්ගෙන් විශාල වශයෙන් මුදල් ලබා ගත් බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන ක්‍රියාත්මකයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
4
+1
1
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කවුද මේවට අවසර දුන්නේ.. ජනාධිපතිතුමා සැර වෙයි
09:01
Video thumbnail
රටේ ව්‍යවසනයන් අතර ජාවාරම්කාරයන් ගැන අපි මෙහෙයුම් කළා..නාකොටික් DIG සියල්ල හෙළිකරයි
03:57
Video thumbnail
සජිත් ආණ්ඩුවට දෙහි කපයි
11:00
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා  "වීරා"
00:36
Video thumbnail
බදුල්ල මඩකලපුව A5 මාර්ගය මිල්ලබැද්ද ප්‍රදේශයෙන් ගිලා බසියි..මුළු පාරම ඉවරයි..හැම තැනම ඉරිතලලා
03:22
Video thumbnail
විපතට පත් වූවන් සජිත් ළඟ දුක කියා හඬා වැටෙයි
04:09
Video thumbnail
ගංවතුරෙන් නිවාස ය#වීම නිසා කොටිකාවත්ත ගම්මු දැඩි අසරණවෙයි..සුද්ද කරන්න සුමාන දෙකක්වත් යයි
03:55
Video thumbnail
වෛද්‍යවරුන්ගෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
13:27
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06


?