බෙන් ස්ටෝක්ස් 2024 IPL තරඟාවලියෙන් ඉවත් වෙයි

2024 වසරේ පැවැත්වෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියෙන් ඉවත් වීමට එංගලන්ත තුන් ඉරියව් ක්‍රීඩක බෙන් ස්ටොක්ස් තීරණය කර තිබෙනවා.

තම රට වෙනුවෙන් පැවැත්වෙන තරගාවලි කලමනාකරණය කර ගැනීමට මෙන්ම ශාරීරික යෝග්‍යතාව පවත්වා ගැනීමේ අරමුණින් මෙම තීරණය ගෙන ඇති බවයි ඔහු සඳහන් කර ඇත්තේ.

චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම මීට පෙර ප්‍රකාශ කර තිබුණේ 2023 එක්දින ලෝක කුසලානය අවසන් වූ පසු ස්ටෝක්ස්ගෙන් විමසීමක් කරන බවයි.

එංගලන්ත තුන් ඉරියව් ක්‍රීඩක බෙන් ස්ටෝක්ස්, ඔහුගේ කණ්ඩායම් කාර්ය භාරය සහ යෝග්‍යතාවය කළමනාකරණය කර ගැනීම සඳහා මෙම තරගාවලියට සහභාගී වීමට නොහැකි බවටයි ප්‍රකාශ කර ඇත්තේ.

පසුගියදා ඉන්දියාවේ පැවති එක්දින ලෝක කුසලානයට ක්‍රීඩා කිරීම සඳහා එක්දින තරගවලින් විශ්‍රාම යාම ද ස්ටොක්ස් ප්‍රමාද කර තිබුණා.

එමෙන්ම ලෝක කුසලාන තරගාවලියෙන් පසුව තමා දණහිසේ ශල්‍යකර්මයකට භාජනය කිරීමට නියමිත බව ස්ටෝක්ස් හෙළිදරව් කළ අතර එය ඔහු කලක සිට ප්‍රමාද කළ පියවරක්.

2023 IPL තරගාවලියට පෙර වෙන්දේසියේදී සුපර් කිංග්ස් කණ්ඩායමේ මිල අධිකම මිලදී ගැනීම වූ ස්ටොක්ස් ඉන්දීය රුපියල් කෝටි 16.25ක් (එකල ඇමරිකානු ඩොලර් මිලියන 1.98 දළ වශයෙන්) කට අලෙවි වුණා.

ඔහුගේ වම් දණහිසේ ආබාධය දිගු කලක සිට පැවති එකක් වුවද, මේ වසරේ පෙබරවාරි මාසයේ එංගලන්තයේ නවසීලන්ත තරග සංචාරයේදී එය වර්ධනය වී තිබුණා. සුපර් කිංග්ස් පුහුණුකරු ස්ටීවන් ෆ්ලෙමින් ඒ අවස්ථාවේ ප්‍රකාශ කර තිබුණේ ස්ටෝක්ස්ගෙන් පන්දු යැවීමට ඉල්ලා සිටීමට පෙර කණ්ඩායම “100% සූදානම්” වන තෙක් බලා සිටින බවයි.

ලෝක කුසලානයේ දී, ස්ටෝක්ස් එංගලන්තයේ තරඟ නවයෙන් හයක් ක්‍රීඩා කළ අතර, පළමු තරඟ තුන අහිමි වූ නමුත් පසුව ඩේවිඩ් මාලන්ට පිටුපසින් එංගලන්තයේ දෙවන වැඩිම ලකුණු ලාභියා බවට ද පත්වුණා. ලෝක කුසලානයේදී කිසිසේත්ම පන්දු නොයවා සිටි ස්ටෝක්ස්, ඔහුගේ ඉනිම් හයේදී අර්ධ ශතක දෙකක් සහ ශතකයක් ඇතුළුව ලකුණු 304ක් ලබා ගත්තා. ඔහු ලකුණු 50.66ක සාමාන්‍යයකින් සහ 89.14ක පහර වේගයකින් ලකුණු රැස් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
1
+1
1
+1
1
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.07.14
00:00
Video thumbnail
ප්‍රසන්න රණතුංගට පනවා තිබූ විදේශ ගමන් තහනම තාවකාලිකව ඉවතට - ගැම්මට හිනාවෙලා යන හැටි
01:23
Video thumbnail
පොඩි පොඩි අඩුපාඩුකම් තිබ්බත් අපේ පාර්ලිමේන්තුව ගොඩාක් හොඳයි
03:46
Video thumbnail
කුපිත වුණ රාජාංගනයේ ගොවියන් මහ පාරට බහියි - මේ බාල පොහොර තනිකරම ජරා ගොඩක්
04:52
Video thumbnail
මේ ආණ්ඩුව තියෙන්නේ බම්බු ගහන්න ද.. අනුරගේ කතාවෙන්ම අනුරට දෙයි
09:11
Video thumbnail
මාළු ටැංකියට ගල් එකතු කරන්න ගිහින් ගි#ණු සිසුවාගේ සිරුර සොයාගයි - මිනිස්සු හඬා වැටෙයි
01:51
Video thumbnail
ගොවියෝ දැන් සතුටින් ඉන්නවා මල්ලි - අපි උපරිම පහසුකම් දෙනවා
05:58
Video thumbnail
රාජපක්ෂලා තව ටික කාලයක් පාලනයේ හිටියා නම් මුළු රටම අපරාධකරුවෝ වෙනවා
11:44
Video thumbnail
රෙද්ද පල්ලේන් ආණ්ඩුවේ නිරුවත පේනවා - මේකේ ඉන්නේ ඩෝබිලා විතරක් නෙමෙයි
05:18
Video thumbnail
ශ්‍රී ලංකාවට එන සංචාරකයින් ඩොලර් 148ක් වියදම් කරන්නේ - මේක වැඩි කරගත යුතුයි
02:51