ජනපතිවරණය සහ මහ මැතිවරණය ලබන වසරේ – ජනපති කියයි (වීඩියෝ)

ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මහ මැතිවරණය යන දෙකම ලබන 2024 වසරේදී පවත්වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

කිසිදු මැතිවරණයක් කල් දැමීමට කටයුතු නොකරන බවයි අද පාර්ලිමේන්තුවේ අයවැය විවාදයට එක්වෙමින් ජනාධිපතිවරයා කියාසිටියේ.

අනතුරුව 2025 වසරේදී පළාත් සභා සහ පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට හැකි බව ද රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළා.

රජය කිසිදු මැතිවරණයක් කල් දැමීමට කටයුතු නොකරන බව ද ජනාධිපතිවරයා අවධාරණය කළා.

අයවැය දෙවන වර කියවීම සම්මත කර ගැනීමට සහාය දුන් මැති ඇමතිවරුන්ට ස්තූතිය පළකරන අතර රජය ඉදිරියට ගෙන යාමට එම ශක්තිය අවශ්‍ය බවයි ඔහු පෙන්වා දුන්නේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද පාර්ලිමේන්තු සභා ගර්භයට පැමිණ ඇත්තේ අද පැවැත්වෙන අයවැය විවාදයට එක්වීම සඳහායි.

අයවැය කාරක සභා අවස්ථා විවාදය අද ආරම්භ වූ අතර එය ලබන දෙසැම්බර් 13 වනදා දක්වා පැවැත්වෙනු ඇති. ඒ අනුව අයවැය තුන්වන වර කියවීමේ ඡන්ද විමසීම 13 වනදා පස්වරු 6ට ආරම්භ කිරීමටයි සැලසුම් කර ඇත්තේ. අයවැය දෙවනර වර කියවීමේ ඊයේ පස්වරුවේ වැඩි ඡන්ද 45කින් සම්මත වුණා.

ජනාධිපති, අග්‍රාමාත්‍ය කාර්යාලය, උපරිමාධිකරණවල විනිශ්චයකාරවරු ඇතුළු වැය ශීර්ෂ 25ක් පිළිබඳ විවාදය අද පාර්ලිමේන්තුවේ දී සිදු කෙරෙනවා.

අමාත්‍ය මණ්ඩල කාර්යාලය, රාජ්‍ය සේවා කොමිෂන් සභා කාර්යාලය, අධිකරණ සේවා කොමිෂන් සභාව, ජාතික පොලිස් කොමිෂන් සභාව ,පරිපාලන අභියාචන විනිශ්චය අධිකාරිය,අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව, දුෂණ විමර්ශන කොමිෂන් සභාව, පාර්ලිමේන්තුව ඇතුලු ආයතන සම්බන්ධයෙන් වැය ශීර්ෂයන් ද අද විවාදයට ගැනීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
7
+1
0
+1
2
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉන්ධන මිල අඩුවීම ගැන නලින්ද හෙළිකරයි - සහනය ඉවත් කළොත් මිල තව ඉහළ යනවා
02:43
Video thumbnail
පාස්කුවේ ප්‍රහාරයේ ප්‍රතිලාභියා කාදිනල් හිමිද ? කිසිම පූජකයෙක් මැ#ණේ නෑ..ඒක සැකයි
02:22
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.23
08:07:32
Video thumbnail
ත්‍රස්තවාදී පනතෙන් ආණ්ඩුවත් වැඩ ගන්නවද ?නලින්ද සියල්ල හෙළිකරයි - දික්කසාද නඩුවක් වගේද මේක පේන්නේ ?
05:34
Video thumbnail
සලේටයි බිරිඳටයි නලින්ද කට උත්තර නැතිවෙන්න කිව්ව කතාව - මහත්තයාට කන්න කියන්න..පූජා තියලා හරියන්නේ නෑ
04:32
Video thumbnail
සෙංකෝලය උස්සන්න ගිය සිද්ධිය ගැන නලින්ද සැරවෙයි - අපිට කරගන්න බැරි තත්ත්වයක් තිබුණේ
05:00
Video thumbnail
අධික වේගයෙන් ධාවනය වු යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:54
Video thumbnail
ඔයාලට වැඩ බැරි නම් ඔය පුටුවලින් නැගිටිලා යන්න
03:05
Video thumbnail
ප්‍රසාද් සර්ගේ ප්‍රකාශයට කැබිනට් මාධ්‍ය හමුවේදී සැර කතාවක් - අපි තීන්දු ගන්නේ නෑ අධිකරණයම බලාගයි
01:55
Video thumbnail
අපි අමාරුවෙන් රට ගොඩනගද්දී විපක්ෂය ඒක කඩාකප්පල් කරන්න හදනවා
03:01