බන්ධනාගාරයේ සිටි සැකකරුවෙක් මිය යාම ගැන පොලිස් විමර්ශණයක්

බන්ධනාගාරගතව සිටි සැකකරුවෙකු මිය යාම සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණයක් ආරම්භ වී තිබෙනවා.

මෙම සැකකරු තවත් අයෙකු ද සමගින් අත්අඩංගුවට ගෙන තිබුණේ යාපනය වඩුක්කෝඩෙයි ප්‍රදේශයේ නිවසකට ඇතුලු වී නිවැසියන් බිය ගන්වා රුපියල් 90000ක් සහ පවුම් 16 හමාරක රන් භාණ්ඩ කොල්ලකෑමේ අපරාධයක් සම්බන්ධයෙනුයි.

සැකකරුවන් දෙදෙනා පසුගිය 11 වනදා නාගකන්නි ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කර මල්ලාගම් මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඊයේ දින දක්වා රක්ෂිත බන්ධානාගාර ගත කර තිබුණා.

මෙලෙස බන්ධනාගාර ගත කර සිටි කාවනාවෙඩ්ඩි ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි සැකකරුවෙක් බන්ධනාගාරය භාරයේ සිටියදී හදිසි අසනීප තත්ත්වයකින් පෙළීම හේතුවෙන් බන්ධනාගාර නිලධාරීන් විසින් ඔහු ප්‍රතිකාර සඳහා යාපනය රෝහලට ඇතුලත් කර තිබෙනවා.

ප්‍රතිකාර ලබා ගැනීමෙන් පසු පසුගිය 16 වනදා යළිත් එම සැකකරු බන්ධනාගාරයට රැගෙන ඒමටයි කටයුතු කෙරුණේ.

පසුව 19 වනදා මෙ සැකකරු නැවතත් හදිසියේ අසනීප වීම හේතුවෙන් යාපනය රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් ඇති අතර ඒ සම්බන්ධයෙන් බන්ධනාගාර නිලධාරීන් අධිකරණයට කරුණු වාර්තා කර තිබෙනවා.

සැකකරු මියයාම සම්බන්ධයෙන් බන්ධනාගාර නියාමක නිලධාරියෙක් විසින් පසුගිය 19 වනදා යාපනය පොලිසිය වෙත පැමිණිල්ලක් සිදු කර තිබුණා.

මියගිය සැකකරුගේ මෘත දේහය පිළිබඳ සිදු කළ පශ්චාත් මරණ පරීක්ෂණය පසුගිය 20 වනදා යාපනය රේාහලේ අධිකරණ වෛද්‍යවරයා විසිනුයි සිදු කර ඇත්තේ.

ශරීරයේ සිදු වූ තුවාල හේතුවෙන් වකුගඩු ක්‍රියාකාරීත්වය අවහිර වී මෙම මරණය සිදුව ඇති බවටත් මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කිරීමට ඇති බවටත් සඳහන් කරමින් අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වාර්තාව ලබාදී තිබෙනවා.

ඒ අනුව අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාගේ වාර්තාව පදනම් කරගෙන මෙම සැකකරුගේ හදිසි මරණය සම්බන්ධයෙන් සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ ප්‍රධානත්වයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි පොලිසිය කියාසිටියේ.

මෙම විමර්ශනයේදී පොලිස් නිලධාරීන් විසින් අපරාධමය වරදක් සිදු කර ඇති බවට අනාවරණ වුවහොත් ඔවුන්ට එරෙහිව අපරාධ නීතියය ටතේ ද එමෙන්ම යම් විනය කඩ කිරීමක් වාර්තා වුවහොත් ඔවුන්ට එරෙහිව විනයානුකූලව කටයුතු කිරීමට ද සූදානම් බවයි පොලිසිය නිවේදනය කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
JVP එක ගැන නීතිඥ වරයෙකුගෙන් ඇඟ හිරිවැටෙන කතාවක්..ඩිල්කා සමන්මලීගේ ජීවිතේ අනතුරේ
06:52
Video thumbnail
කොහොමද ඒකේ ලස්සන - හැටන් ඩිපෝවෙන් සුපිරි වැඩක්
03:15
Video thumbnail
කක්කුස්සියට යන්න වෙන්නෙත් දැන් sms එක බලලා..මේවා යුද්දේ නිසා නෙවෙයි සුද්දේ නිසා වුණ දේ
03:21
Video thumbnail
පාස්කු ප්‍රහාරය නිසයි සජිත්ට ජනාධිපති වෙන්න බැරිවුණේ
08:53
Video thumbnail
නලින් කිව්ව "AI සජිත්" ගැන ගම්මන්පිල කිව්ව කතාව..පිත්ත ඔසවා පන්දුව නිදැල්ලේ යන්න ඉඩ දෙනවා
03:15
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22
Video thumbnail
ශානි අබේසේකර ගෙදර යන්න
07:15
Video thumbnail
ගම්මන්පිලට යකා ආරූඪ වෙයි"මේක මගේ පොත නෙවෙයි..ව්‍යාජ එකක්"..රහස් පොලිසිය බුද්ධිමය දේපළ හොරකම් කරලා
06:03
Video thumbnail
ඩිල්කා, සුදාගෙන් මිලියන 100ක් ඉල්ලයි - Australia පොලිසියටත් පැමිණිලි
05:03