AFC Banner
Empty Ad
Empty Ad

කෝටි 8 මැණික් වංචාවට විශ්‍රාමික ධීවර පරීක්ෂක අත්අඩංගුවට

රුපයල් කෝටි 8ක වටිනාකමින් යුත් මැණික් ගල් 10ක් ලබාගෙන මුදල් ලබා නොදී වංචා කිරීමේ සිද්ධියට සම්බන්ධව විශ්‍රාමික ධීවර පරීක්ෂකවරයෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පසුගිය අගෝස්තු මස 3 වනදා මෙම වංචාව සිදුවී තිබුණේ කොල්ලුපිටිය ප්‍රදේශයේදීයි.

සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වංචා විමර්ශන අංශය විසින් විමර්ශණයක් සිදු කර පෙරේදා සවස සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කොළොන්නාව ප්‍රදේශයේ පදිංචි 78 හැවිරිදි සැකකරු විශ්‍රාමික ධීවර පරීක්ෂකවරයෙක් බවටයි පොලිස් විමර්ශණවලදී හෙළිවී ඇත්තේ.

සැකකරු ඊයේ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව නියෝග කෙරුණේ ලබන 30 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?