කෝටි 8 මැණික් වංචාවට විශ්‍රාමික ධීවර පරීක්ෂක අත්අඩංගුවට

රුපයල් කෝටි 8ක වටිනාකමින් යුත් මැණික් ගල් 10ක් ලබාගෙන මුදල් ලබා නොදී වංචා කිරීමේ සිද්ධියට සම්බන්ධව විශ්‍රාමික ධීවර පරීක්ෂකවරයෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පසුගිය අගෝස්තු මස 3 වනදා මෙම වංචාව සිදුවී තිබුණේ කොල්ලුපිටිය ප්‍රදේශයේදීයි.

සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වංචා විමර්ශන අංශය විසින් විමර්ශණයක් සිදු කර පෙරේදා සවස සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කොළොන්නාව ප්‍රදේශයේ පදිංචි 78 හැවිරිදි සැකකරු විශ්‍රාමික ධීවර පරීක්ෂකවරයෙක් බවටයි පොලිස් විමර්ශණවලදී හෙළිවී ඇත්තේ.

සැකකරු ඊයේ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව නියෝග කෙරුණේ ලබන 30 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදු කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
00:00
Video thumbnail
කොත්තමල්ලි බීලා අපි උඹලව එළවනවා
02:05
Video thumbnail
පොහොට්ටුවේ ‍රැළියට වසන්ත රිදෙන්නම දෙයි - සුන්බුන් දැන් දූවිලි කරපු රැළිය අපි පෙන්නුවා
27:26
Video thumbnail
මාව ම#පල්ලා.. අර්චුනාට යකා ආවේශ වෙයි
04:39
Video thumbnail
ජනපති වේදිකාවට නැගලා පෙර ආණ්ඩුවලට දෙදරන්න දෙයි - අටමගලක් ගෙනත් කෘෂිකර්මාන්තයම විනාශ කළා
09:13
Video thumbnail
අර්චුනාගේ කතාවෙන් මහින්ද පුදුම වෙයි
02:29
Video thumbnail
ආණ්ඩුවට අවුරුදු 2යි, රටටම සාපයක් වෙලා - නිදාගෙන හිටපු සිංහයාව ඇහැරෙව්වා
16:21
Video thumbnail
මහා සමුදුර ශක්තිමත්ව තියෙනකල් NPP ආණ්ඩුව හොල්ලන්න බෑ - ඔබේ දහඩිය සුවඳ දැනෙන මිනිස්සු මේ
15:58
Video thumbnail
පොළොන්නරුවම හොල්ලමින් ජනපති අනුර ගැම්මට වේදිකාවට එයි - මිනිස්සු හතරවටින් ප්‍රීති ඝෝෂා නගයි
01:43
Video thumbnail
පුතා හිරේ, තාත්තා තවමත් ගේමේ - මුහුණට මුහුණ සටනට එන්න
01:15