ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම ICC අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමේ ප්‍රධානම මාතෘකාව වෙයි

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම 2023 ලෝක කුසලානය අවසන් තරගයෙන් දින දෙකකට පසුව අහමදාබාද්හි දී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

මෙම රැස්වීමේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් අත්හිටුවීම, එක්දින ක්‍රිකට් අනාගතය, 2028 දී ලොස් ඇන්ජලීස් ඔලිම්පික් උළෙලට ක්‍රිකට් ඇතුළත් කිරීම, 2024-27 ඉසව් චක්‍රය සඳහා ආදායම් බෙදා හැරීමේ ආකෘතිය ඇතුළු කරුණු රැසක් පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිත බවයි වාර්තා වුණේ.

පසුගිය සතියේ ශ්‍රී ලංකා ක්‍රිකට් සම්බන්ධයෙන් පැනවූ තහනම මෙවර අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමේ ප්‍රධානතම මාතෘකාව වනු ඇති බවයි ජාත්‍යන්තර ක්‍රීඩා මාධ්‍ය වාර්තා කළේ.

ජනවාරි සහ පෙබරවාරි මාසවල පැවැත්වෙන වයස අවුරුදු 19න් පහළ පිරිමි ලෝක කුසලාන තරගාවලියේ සත්කාරකත්වය ශ්‍රී ලංකාව දිගටම පවත්වාගෙන යන්නේ ද, ශ්‍රී ලංකා ක්‍රිකට් අත්හිටුවීම සම්බන්ධයෙන් ඇති විය හැකි කොන්දේසි පිළිබඳව ද දීර්ඝ වශයෙන් මෙහිදී සාකච්ඡා කරනු ඇති.

එමෙන්ම පන්දු ඕවර පනහා ආකෘතියේ අනාගතය පිළිබඳව ද සාකච්ඡා කිරීමට යෝජනා වී ඇති අතර, මෑතකදී ඉවත් කරන ලද කණ්ඩායම් 13 කින් යුත් එක්දින සුපර් ලීග් තරඟාවලිය සහ කණ්ඩායම් 14කින් යුත් 2027 පිරිමි එක්දින ලෝක කුසලානය සඳහා දැනටමත් අනුමත කර ඇති නව සුදුසුකම් මාර්ගයන් පිළිබඳව ද සාකච්ඡාවර භාජනයවන බව සඳහන්.

මෙම කරුණුවලට අමතරව තවත් සුවිශේෂී කරුණු කිහිපයක් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම තුළ අවධානයට යොමුවනු ඇති.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ව සජබයටනම් අභියෝගයක් වෙලා නෑ..දැනෙන්නේවත් නෑ - ඊළඟ විකල්පය සජිත්
04:06
Video thumbnail
බොන වතුරේ තියෙන්නේ ගල් කුඩු - බොන්න බෑ මුත්‍රා දැවිල්ලයි..දරුවෝ කෑගහනවා
07:29
Video thumbnail
අපි ඉස්සරහට අවු:40ක් වෙනකල් ත්‍රීවිල් පදින්න දෙන්නේ නෑ - අනාගතය තියෙන්නේ අධ්‍යාපනය අතේ
02:49
Video thumbnail
අවුරුදු 40 ක් වෙනතුරු ත්‍රීවීල් පදින්න බෑ.. රජය ගන්න අලුත්ම තීරණය ගන ඇමති නලින් හේවගේ හෙළිකරයි.
00:07
Video thumbnail
නාමල් ආණ්ඩුවට අනතුරු අගවයි - අවු: 2ක් සද්දෙ වහලා හිටියා..ජනපති යට ගහන්න හදනවා
05:39
Video thumbnail
අවසන් මොහොතේ තම වෛද්‍යවරයා වෙනුවෙන් පවා ගී ගැයූ නන්දා මාලනිය..
00:39
Video thumbnail
නුවර වැවට පැ#න කාන්තාවක් බේරාගත් මෙහෙයුම - මොනවා වෙලාද මේ මිනිස්සුන්ට ?
02:09
Video thumbnail
නුවර වැවට ජම්ප් එකක් දැම්ම තරුණියව බේරාගන්න දිවි පරදුවට තැබූ කොල්ලෝ ටිකට රෙස්පෙක්ට්..
02:25
Video thumbnail
යතුරුපැදියක් - ලොරියක වැදී 25ස් හැවිරිදී තරුණයා එතනම එළොව යයි - බයික් එකත් කුඩේ කුඩු
00:45
Video thumbnail
කාලගුණය උඩු යටිකුරු වන ලකුණු..ඉදිරියේදී වැසි වැඩිවෙයි - සුළං තත්ත්වයේ වැඩිවීමක්
03:40