ප්‍රමෝද්‍ය වික්‍රමසිංහට කැඳවීමක්

ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ ලබන 22 වනදා ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැළැක්වීමේ වීශේෂ විමර්ශන ඒකකය වෙත කැඳවා තිබෙනවා.

සභාපතිවරයා විසින් පසුගිය දා නිකුත් කළ ආන්දෝලනාත්මක නිවේදනයේ සඳහන් කරුණු සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙස ක්‍රීඩා අමාත්‍යවරයා එම ඒකකය වෙත කළ දැනුම්දීමකින් අනතුරුවයි මෙම කැඳවීම සිදුකර ඇත්තේ.

ලෝක කුසලාන තරගාවලිය අවසන් කරමින් ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථවේ දී ගුවන් තොටුපොළේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ සඳහන් කළේ තරග පරාජයන්ට කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වූ බවයි.

ඒ, සම්බන්ධයෙන් අනාවරණය කිරීමට තමන්ට දින දෙකක් ලබාදෙන ලෙසට ද ඔහු එහිදී ඉල්ලීමක් කර සිටියා.

ඊට දින කිහිපයකට පසුව එනම් පසුගිය 13 වනදා ඔහු විශේෂ නිවේදනයක් නිකුත් කරමින් අනාවරණයන් කිහිපයක් සිදුකළා.

තරග පවාදීමේ සූදුවේ නිරත පිරිස් ක්‍රිකට් ක්‍රීඩාව බිඳ වැට්ටවීමට උත්සාහ දැරූ බව සහ සමාජ මාධ්‍ය තුළ ප්‍රචාරයන් ගෙනයාමට ඇතැම් පිරිස් විශාල වශයෙන් මුදල් ආයෝජනය කර ඇති බවට ද එම නිවේදනයේ දැක්වෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මුළු තලවකැලේම ජනතාව භීතියට පත්කළ බස් නැවතුමේ බිහිසුණු සිදුවීම - ටවුන් එකේ ඉන්න බෑ
02:14
Video thumbnail
මහා දරුණු දේශපාලන කල්ලි අපි පලවා හැරියේ - අපිට ලැබුණේ අඩිය නැති ආර්ථිකයක් තිබුණ රටක්
10:53
Video thumbnail
මහින්ද මහත්තයා දකුණේ කියද්දි ගැම්මක් තිබුණා - නීතිය සැමට උඩින් කිව්වා..අද කෝ ආයෝජකයෝ ?
10:02
Video thumbnail
අධිබලැති විදුලි රැහැන් කණුවක නැගලා මනුස්සයෙක් දාපු සෙල්ලම - "පාන්දර ඉදලා ඉන්නේ..කෑගැහුවා"
02:02
Video thumbnail
දියවඩන නිලමේගෙන් පෙරහර ගැන විශේෂ ප්‍රකාශයක්..ඉතා විනයගරුකව පෙරහර නරඹන්න
02:08
Video thumbnail
ආනවිළුන්දාව අක්කර ගණනක් විනාශ කළ ගින්න ගැන හෙළිදරව්වක් - හිතාමතා කරපු වැඩක්ද ?
04:34
Video thumbnail
නන්දා මාලනිය සිංදුවෙන් කියපු දේ එළියේ කියන්න ගිහින් මම ඇතුළට ගියේ - මට නඩු අඩුවෙනවා
05:10
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27