ඉන්දීය ගුවන් හමුදාවේ ‘සූර්ය කිරන්’ කණ්ඩායම එක්දින ලෝක කුසලාන අවසන් මහා තරගයට පෙර ගුවන් සංදර්ශනයක් පැවැත්වීමට නියමිත බව වාර්තා වනවා.
අවසන් මහා තරගය පැවැත්වෙන අහමදාබාද් නුවර නරේන්ද්‍ර මෝදි ක්‍රිකට් ක්‍රීඩාංගණයට ඉහළ අහසේ මෙම ගුවන් සංදර්ශන පැවැත්වෙන බවයි ඉන්දීය මධ්‍ය වාර්තා කරන්නේ.
මෙම ගුවන් සංදර්ශනයේ පෙරහුරු අද (17) සහ හෙට යන දිනවල දී පැවැත්වෙන බවයි ඉන්දීය ගුවන් හමුදාව නිවේදනය කළේ.
ඉන්දීය ගුවන් හමුදාවේ ‘සූර්ය කිරන්’ කණ්ඩායම ගුවන් යානා නවයකින් සමන්විත වන අතර, එය රට පුරා ගුවන් සංදර්ශන රාශියක් පවත්වා තිබෙනවා.
2023 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ දී පසුගිය බදාදා නවසීලන්තය පරාජය කරමින් ඉන්දියාව අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගත් අතර, ඊයේ පැවති දෙවන අවසන් පූර්ව තරගයේ දී ඕස්ට්‍රේලියාව, දකුණු අප්‍රිකාව පරාජය කරමින් අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගත්තා.














MEKA THAMAYI MAGE PUNCHI KALAYE SITA PISSUWA. EITH MATA THAMATH PLANE EKAKIN YANNA BERI UNA. MARENNA KALIN YANAWA YANAWA YANWAAAAMAYI.