ලෝක කුසලාන අවසන් මහා තරගය දා මෝදි ක්‍රීඩාංගණයට ඉහළ අහසේ ගුවන් සංදර්ශනයක්

ඉන්දීය ගුවන් හමුදාවේ ‘සූර්ය කිරන්’ කණ්ඩායම එක්දින ලෝක කුසලාන අවසන් මහා තරගයට පෙර ගුවන් සංදර්ශනයක් පැවැත්වීමට නියමිත බව වාර්තා වනවා.

අවසන් මහා තරගය පැවැත්වෙන අහමදාබාද් නුවර නරේන්ද්‍ර මෝදි ක්‍රිකට් ක්‍රීඩාංගණයට ඉහළ අහසේ මෙම ගුවන් සංදර්ශන පැවැත්වෙන බවයි ඉන්දීය මධ්‍ය වාර්තා කරන්නේ.

මෙම ගුවන් සංදර්ශනයේ පෙරහුරු අද (17) සහ හෙට යන දිනවල දී පැවැත්වෙන බවයි ඉන්දීය ගුවන් හමුදාව නිවේදනය කළේ.

ඉන්දීය ගුවන් හමුදාවේ ‘සූර්ය කිරන්’ කණ්ඩායම ගුවන් යානා නවයකින් සමන්විත වන අතර, එය රට පුරා ගුවන් සංදර්ශන රාශියක් පවත්වා තිබෙනවා.

2023 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ දී පසුගිය බදාදා නවසීලන්තය පරාජය කරමින් ඉන්දියාව අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගත් අතර, ඊයේ පැවති දෙවන අවසන් පූර්ව තරගයේ දී ඕස්ට්‍රේලියාව, දකුණු අප්‍රිකාව පරාජය කරමින් අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගත්තා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේසංවේදී වූ මෛත්‍රිපාල සිරිසේන - මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ..
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51