සංචාරක වීසා මත රට පනින්න ගිය කතුන් 06ක් අල්ලයි

සංචාරක වීසා භාවිත කරමින් රැකියා සඳහා ඩුබායි රාජ්‍යයට යාමට උත්සාහ කළ කාන්තාවන් 06 දෙනෙකු ව ආපසු හරවා යවා ඇති කටුනායක ගුවන් තොටුපොළේ පිහිටුවා ඇති ආරක්ෂිත සංක්‍රමණ ප්‍රවර්ධන ඒකකයේ නිලධාරීන් එම කාන්තාවන්ගේ විදෙස් ගමන් බලපත්‍ර අසාදු ලේඛනගත කිරීමට ද කටයුතු කර තිබෙනවා.

මෙලෙස නීතිවිරෝධී ව පිටව යාමට පැමිණ සිටි කාන්තාවන් සම්බන්ධයෙන් ඇති වූ සැකය හේතුවෙන් ඔවුන්ව රඳවාගෙන ප්‍රශ්න කිරීමට ගුවන් තොටුපොළේ ආරක්ෂිත සංක්‍රමණ ප්‍රවර්ධන ඒකකයේ නිලධාරීන් කටයුතු
කර ඇති බවයි වාර්තා වන්නේ.

එහිදී අනාවරණය වී ඇත්තේ ඔවුන් සංචාරක වීසා මත පිටත්ව යන්නේ ඩුබායි හි රැකියාවන් සඳහා බවයි.

එම කාන්තාවන්ගෙන් ලබා ගත් තොරතුරු අනුව ඔවුන්ව ඩුබායි බලා සංචාරක වීසා මගින් පිටත් කර හැරීමට කටයුතු සුදානම් කළ මාතර – වෙල්ගොඩ පදිංචි පුද්ගලයෙකු ව සහ මිහින්තලේ – අශෝකපුර පදිංචි කාන්තාවක් ආරක්ෂිත සංක්‍රමණ ප්‍රවර්ධන ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ ගුවන් තොටුපොළ පරීශ්‍රයේ රැඳී සිටියදී ය.

අත්අඩංගුව ගෙන ඇති සැකකරු සහ සැකකාරිය මීගමුව මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බවයි අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ.

මැලේසියාව, ඕමානය, ඩුබායි සහ අබුඩාබි යන රටවල්වලට පසුගිය කාලයේ රැකියා අපේක්ෂාවෙන් සංචාරක වීසා මගින් ඇතුළු වූ බොහෝ දෙනෙකු ඒ රටවල්වල දී විවිධ කරදරවලට මුහුණ දී සිටින බව පසුගිය කාලයේ වාර්තා වුණා.

මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා පැය 24 පුරා සතියේ දින 07 ම ක්‍රියාත්මක ආරක්ෂිත සංක්‍රමණ ප්‍රවර්ධන ඒකකයක් කටුනායක ගුවන් තොටුපොළේ ස්ථාපනය කිරීමට විදේශ රැකියා ප්‍රවර්ධන අමාත්‍යාංශය කටයුතු කළේ එවන් පසුබිමකදීයි.

විදේශ සේවා නියුක්ති කාර්යංශය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, ආගමන විගමන දෙපාර්තමේන්තුව සහ රාජ්‍ය බුද්ධි අංශයේ නිලධාරීන්ගෙන් මෙම ඒකකය සමන්විත බවත් වාර්තා වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
උඹලා මොකක් ඇන්දත් හෙ#ළුවෙන් කියලා ජනතාව දන්නවා හොඳට - සෙංකෝලේ අරගෙන විකාරයක්නේ නැටුවේ
12:20
Video thumbnail
ජනපතිගේ වීඩියෝ එකක් පෙන්නලා සජිත් දුන්න සැර ටොක්ක - කියපු දේ කරන්න කාලය ඇවිත්
12:50
Video thumbnail
විපක්ෂ නායකට යකා නගියි - ආණ්ඩුවට සැරටම දෙයි - අද තියෙන්නේ තනි පක්ෂ පාලනයක්
13:41
Video thumbnail
ලංකාවේ ක්‍රීඩාව අයිති රටේ මිනිසුන්ට - සංගම්වලට හිතුමතේ මේක වට්ටන්න බෑ
03:55
Video thumbnail
වාහන සේරම නවත්තලා යෝග්‍යතා පරීක්ෂණ කළ අයුරු - "කෝ ලයිට්..සර් අපි රෑට යන්නේ නෑ බස් එකේ"
04:23
Video thumbnail
FIFA ලෝක කුසලානය උඩියටිකුරු කළ තතු මෙන්න - තරගයක් තුළ 04 පාරක් ගිනස් වාර්තා පොතට ගිය මෙසී
02:12
Video thumbnail
USAවලින් ලංකාවට ලැබුණු සුපිරි තෑග්ග - Fleet Broadband චන්ද්‍රිකා සන්නිවේදන පද්ධතියක්
00:55
Video thumbnail
"මීහ#ක් ටික අලුත් විකාරරූපි දර්ශනයක් ගෙනයනවා"ප්‍රසාද්ගේ දැඩි ප්‍රකාශයට නලින්ද සැරටම කිව්ව දේ
01:36
Video thumbnail
ජපානයට යන්න කලින් මේ කරුණු අනිවාර්යයෙන් දැනගන්න! | 2026 Update - ජපානයේ රැකියා අවස්ථා වැඩි වෙයි
03:48
Video thumbnail
අතුරුදහන් වූවන්ගේ පවුල්වලින් මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණිල්ලක් - සාධාරණයක් වෙනකල් සටන් කරනවා
03:38