හයර් යන මුවාවෙන් ත්‍රීරෝද රථ‍යක් පැහැර ගැනීමේ පුවතක් වාද්දූවෙන්

කුලී ගමන් යන මුවාවෙන් පැමිණ ත්‍රීවිල් රථ රියදුරුට පිහියෙන් ඇන පින්වත්තේ දී ත්‍රීවිල් රථයක් මංකොල්ල කා තිබෙනවා.

අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ මෙම සිදුවීම සිදු ව ඇත්තේ වාද්දුව – තල්පිටිය ලෝලුගස්මංකඩ මංසන්ධියේ දී බවයි.

ත්‍රීවිල් කුලියට ගමන්ගන්නා ස්ථානයට පැමිණි පුද්ගලයෙකු ඔහුට පානදුර පින්වත්ත ප්‍රදේශයට කුලී ගමනක් යාමට අවශ්‍ය බව පවසා එම ස්ථානයේ ත්‍රීවිල් රථයක නැග පානදුර පින්වත්ත ප්‍රදේශයට ගමන් කොට ඇති බවයි වාර්තා වන්නේ.

පින්වත්ත ප්‍රදේශයට යන අතරතුර එම ත්‍රීවිල් රථයට තවත් පුද්ගලයින් දෙදෙනෙකු නංවාගෙන ඇති අතර එම තිදෙනා ද කැටුව ත්‍රීවිල් රථය පානදුර -පින්වත්ත දුම්රිය ස්ථානය අසලට ගොස් ත්‍රීවිල් රථ රියදුරාට ත්‍රීවිල් රථයෙන් බැස යන ලෙස ඔවුන් තිදෙනා ප්‍රකාශ කර තිබෙනවා.

ත්‍රීවිල් රථ රියදුරු රථයෙන් බැස යාම ප්‍රතික්ෂේප කළ විට රියදුරුට එම පුද්ගලයින් තිදෙනාගෙන් එක් අයෙකු ඉනෙහි සඟවා තිබූ තියුණු ආයුධයක් ගෙන ඔහුගේ උදරය ප්‍රදේශයට සහ පපු ප්‍රදේශයට ඇන තුවාල සිදු කර ඇති බවයි පැවසෙන්නේ.

එයින් බියට පත්වූ ත්‍රීවිල් රථ රියදුරු ත්‍රීවිල් රථය දමා එම ප්‍රදේශයේ පිහිටි ඔහුගේ ඥාති නිවසකට දිවගොස් තිබෙනවා.

ඒ අතරතුර ත්‍රීවීල් රථයේ පැමිණි පුද්ගලයින් තිදෙනා එම ත්‍රීවිල් රථය මංකොල්ලකා එම ප්‍රදේශයෙන් පලාගොස් ඇති බවයි වාර්තා වන්නේ.

රථ රියදුරු මේ වන විට පානදුර මූලික රෝහලේ ප්‍රතිකාර ලබන අතර මෙසේ රෝහල්ගත කොට ඇත්තේ වයස අවුරුදු 37ක් වන වාද්දුව තල්පිටිය ප්‍රදේශයේ පුද්ගලයෙක්.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් එම ත්‍රීවිල් රථ රියැදුරුගේ දෙමව්පියන් පින්වත්ත පොලිසියට සිදුකළ පැමිණිල්ලක් මත ඉදිරි විමර්ශන කටයුතු ක්‍රියාත්මකයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොච්චර තෙරපුනත් 2029යේ ජනපති වෙන්න බෑ - නයි, මුගටි එක කොටේට නගිනවා වගේ විපක්ෂය එකතුවෙලා
06:29
Video thumbnail
කවදාවත් ධනය, බලය තියෙන අයට නීතිය ක්‍රියාත්මක වුණේ නෑ..සාක්ෂි යට ගහලා, තිබුණේ
06:28
Video thumbnail
වැව්වල ජීවිතය අයදිමින් සිටි මත්ස්‍යයන් වෙනත් ස්ථානවලට මුදා හරියි
00:46
Video thumbnail
වැව්වල ජීවිතය අයදිමින් සිටි මත්ස්‍යයන් වෙනත් ස්ථානවලට මුදා හරියි
00:54
Video thumbnail
රෝගීන් 75000කගේ ජීවිත අනතුරේ - ඇඟ හිරිවැටෙන හෙළිදරව්වක්
12:58
Video thumbnail
ජීවිත 2ක් බිළිගත්ත බිහිසුණු අනතුරේ ඇඟ හිරිවැටෙන දර්ශන
02:47
Video thumbnail
ජනාධිපතිතුමා ශ්‍රී දළදා මාළිගාව වැඳ පුදාගෙන ආශීර්වාද ලබාගනී
00:50
Video thumbnail
මහා රන්දෝලියේ කරඬුව වැඩමවමින් වාසනා සඳගලට පා තැබූ මොහොත
01:15
Video thumbnail
සජිත් මැතිතුමනි ඔබ පින මතුවේවා
01:23
Video thumbnail
ඔබතුමා එඩිතරව වැඩේ කරගෙන යන්න
00:54