දිල්ලි නගරයේ වාතයේ ගුණාත්මකභාවය තවත් පිරිහෙයි

අද (14) උදෑසන වනවිට ඉන්දියාවේ දිල්ලි නගරයේ වාතයේ ගුණාත්මකභාවය තව දුරටත් පිරිහී ගොස් ඇති බව වාර්තා වනවා.

පසුගිය ඉරිදා සමරනු ලැබූ දිවාලි උත්සවයේ දී රාත්‍රියේ ගිනිකෙළි දැල්වීමත් සමඟ මෙලෙස වායු දූෂණය ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

අධිකරණය විසින් පනවා තිබූ රතිඤ්ඤා තහනම උල්ලංඝනය කරමින් දිල්ලි වැසියන් ගිනිකෙළි දැල්වීමෙන් පසු කළු දුමාරයකින් නැවතත් දිල්ලි නගරය වසාගත් බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

ඊයේ (13) දිනයවන විට ලෝකයේ වඩාත්ම වායු දූෂිතම නගරය බවට දිල්ලි නගරය පත්ව තිබූ අතර, පාකිස්ථානයේ ලාහෝර් සහ කරච්චිය, ඉන්දියාවේ මුම්බායි සහ කොල්කටා යන නගර ලොව වායු දූෂණයේ ඉහළින්ම සිටින නගර අතරට පැමිණ සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?