ගජමුතු, අලි කෙඳි හා මත්පෙති සමග පුද්ගලයින් සිව්දෙනෙකු පොලිස් අත්අඩංගුවට

නීතිවිරෝධී ලෙස ගජමුතු, අලි කෙඳි සහ මත්පෙති ළඟ තබාගත් පුද්ගලයින් සිව්දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ මෙම වැටලීම සිදු කෙරුණේ බදුල්ල – ගල් කන්ද ප්‍රදේශයේ දී බවයි.

සැකකරුවන් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දී ඔවුන් සතුව තිබී මත්පෙති 26ක් ද සොයා ගැනුණා.

මෙම වැටලීම සිදු කරනු ලැබුවේ බදුල්ල පොලිස් කොට්ඨාසයේ විෂ මත්ද්‍රව්‍ය ඒකකයට ලැබුණු තොරතුරක් මතයි.