පෙර පාසල් ගුරුවරිය අපහසුතාවට පත් කර කප්පම් ගන්න ගිය ග්‍රාම නිලධාරී අත්අඩංගුවට

රුපියල් ලක්ෂ 20ක කප්පම් මුදල් ඉල්ලා දුරකථනයෙන් තර්ජනය කිරීමකට සම්බන්ධ සැකකරුවෙකු නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

හෝමාගම දකුණු පිටිපන ප්‍රදේශයේ පදිංචි පෙර පාසල් ගුරුවරියකට සැකකරු දුරකතනය මගින් තර්ජනය කර රුපියල් ලක්ෂ 20ක් ඉල්ලා ඇති බවටයි පැමිණිල්ල ලැබී ඇත්තේ.

හෝමාගම පොලිසියට ලැබුණු අදාළ පැමිණිල්ල සම්බන්ධයෙන් නුගේගොඩ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ උපදෙස් මත විමර්ශන ආරම්භ කර තිබුණා.

ඒ අනුව විමර්ශන නිලධාරීන් විසින් ඊයේ (10) හෝමාගම ප්‍රදේශයේදී උපක්‍රමශීලිව කප්පම්කරු කැඳවා මුදල් ලබාදෙන අවස්ථාවේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

51 හැවිරිදි සැකකරු දකුණු පිටිපන පදිංචිකරුවෙක් වන අතර 848E සුවපුබුදුගම වසමේ ග්‍රාම නිලධාරීවරයා බවටයි විමර්ශනවලදී හෙළිවී ඇත්තේ.

සැකකරු කප්පම් මුදල් ලබා ගැනීමට පැමිණි යතුරුපැදිය, පෙර පාසල් ගුරුවරියට තර්ජනය කිරීමට යොදාගත් දුරකථන දෙකක් සහ ග්‍රාම නිලධාරී හැඳුනුම්පත ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

මෙවැනි කප්පම් ඉල්ලීම් කිහිපයක් පිළිබඳ තවත් පැමිණිලි ලැබී ඇති අතර එම පැමිණිලිවලට අදාළ කප්පම් ඉල්ලීම් මෙම සැකකරු විසින් සිදු කර ඇති බවටයි පොලිසිය සැක කරන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය වැඩිදුර විමර්ශන සිදු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රනිල්ගේ කාලේ මහ බැංකුවට කෙ#යා..අනුරගේ කාලයේ භාණ්ඩාගාරයට කෙ#යා..ආණ්ඩුවේ හොරු ඉන්නේ ඇතුළෙම තමයි
05:08
Video thumbnail
ඉන්දුනීසියාවේ සහ ශ්‍රී ලංකාවේ නියෝජ්‍ය විදෙස් ඇමතිවරු හමුවෙයි
02:03
Video thumbnail
ආලෝකා බය වුණ අත්දැකීම පඤ්ඤාකර හිමියන් හෙළිකරයි..මහා සංඝ රත්නය තල්ලු කළා - ඔයාලගේ වැරදි පුරුදු
08:07
Video thumbnail
හත්තිලව්වේ අන්න මහ බැංකුවට ඇරලා නේද..මේ හැකරයි අර හැකරයි කිව්වට වැඩක් නෑ - අසේලට යකා නගියි
02:16
Video thumbnail
අපේ බෞද්ධයාගේ හැසිරීම ඉතාම අන්තිමයි..බුදු හාමුදුරුවෝ නෙවෙයි වැඩියේ..සාමය අරගෙන ආවේ..
03:39
Video thumbnail
කහවත දැක්ක ගමන් පොඩි දරුවන් වැද වැටෙන හැටි..සාම පාගමන පුරා ජනතාවට දෙන ආශිර්වාද
02:30
Video thumbnail
මුදල් අමාත්‍යාංශය අසළ උණුසුම් තත්ත්වයක් - හැකර් කොහොමත් හැංඟිලා තමයි මනුස්සයෝ ගේම ගහන්නේ
03:02
Video thumbnail
"කෑගහනවා ඇහිලා දුවලා ගිහින් ලෙඩ්ඩු බැලුවේ"..පෞද්ගලික බස්රථ දෙකක් ගැටී සිදුවූ බිහිසුණු අනතුරක්
03:43
Video thumbnail
ජොන්ස්ටන් එළියට එද්දි මාධ්‍යට කියපු දේ..මාස තුනකින් මේ එළියට එන්නේ.."මාස තුනක් ගිහින්ද ?"
01:09
Video thumbnail
රටේ අනෙකුත් සයිබර් ආරක්ෂාව ගැන තව මොනවා කතා කරන්නද ?..l Sajith Premadasa
06:56