AFC Banner
Empty Ad
Empty Ad

පෙර පාසල් ගුරුවරිය අපහසුතාවට පත් කර කප්පම් ගන්න ගිය ග්‍රාම නිලධාරී අත්අඩංගුවට

රුපියල් ලක්ෂ 20ක කප්පම් මුදල් ඉල්ලා දුරකථනයෙන් තර්ජනය කිරීමකට සම්බන්ධ සැකකරුවෙකු නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

හෝමාගම දකුණු පිටිපන ප්‍රදේශයේ පදිංචි පෙර පාසල් ගුරුවරියකට සැකකරු දුරකතනය මගින් තර්ජනය කර රුපියල් ලක්ෂ 20ක් ඉල්ලා ඇති බවටයි පැමිණිල්ල ලැබී ඇත්තේ.

හෝමාගම පොලිසියට ලැබුණු අදාළ පැමිණිල්ල සම්බන්ධයෙන් නුගේගොඩ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ උපදෙස් මත විමර්ශන ආරම්භ කර තිබුණා.

ඒ අනුව විමර්ශන නිලධාරීන් විසින් ඊයේ (10) හෝමාගම ප්‍රදේශයේදී උපක්‍රමශීලිව කප්පම්කරු කැඳවා මුදල් ලබාදෙන අවස්ථාවේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

51 හැවිරිදි සැකකරු දකුණු පිටිපන පදිංචිකරුවෙක් වන අතර 848E සුවපුබුදුගම වසමේ ග්‍රාම නිලධාරීවරයා බවටයි විමර්ශනවලදී හෙළිවී ඇත්තේ.

සැකකරු කප්පම් මුදල් ලබා ගැනීමට පැමිණි යතුරුපැදිය, පෙර පාසල් ගුරුවරියට තර්ජනය කිරීමට යොදාගත් දුරකථන දෙකක් සහ ග්‍රාම නිලධාරී හැඳුනුම්පත ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

මෙවැනි කප්පම් ඉල්ලීම් කිහිපයක් පිළිබඳ තවත් පැමිණිලි ලැබී ඇති අතර එම පැමිණිලිවලට අදාළ කප්පම් ඉල්ලීම් මෙම සැකකරු විසින් සිදු කර ඇති බවටයි පොලිසිය සැක කරන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය වැඩිදුර විමර්ශන සිදු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
8වන අනුප්‍රාප්තික විධායක ජනපති කළ අවසාන කතාව සම්පූර්ණයෙන් අහන්න
10:55
Video thumbnail
නුගේගොඩ වේදිකාවෙන් බැස්ස අනුරව වටකරගනී - හිමිනමක් අනුරව වැළඳ ගනී#anurakumaradissanayake
03:49
Video thumbnail
බල පෙරළිය ඇරඹෙයි - TNA ප්‍රබලයෙක් රනිල්ගේ සහයට
10:08
Video thumbnail
ජෝතිෂ්‍යට අනුව දිනන්නේ රනිල් - බුද මහ දසාවේ - සිකුරු අන්තරේ
02:07
Video thumbnail
සජිත්ගේ අවසන් රැළියට මහ සෙනගක් #sajithpremadasa
04:31
Video thumbnail
සජිත්ගේ වේදිකාවට අවසාන මොහොතේ නැගපු නිදහස් පක්ෂයේ ප්‍රබලයා
03:09
Video thumbnail
"එයා වාද විවාධ වලට යන්නේ නෑ" - ටිල්වින් - සජිත් නැත්තට නැති කරයි
05:37
Video thumbnail
සජිත් - නාමල් හොරෙන් ගහපු සන්ධානය ගැන විශේෂ හෙළිදරව්වක්
05:14
Video thumbnail
AKD නුගේගොඩ දෙවනක් කළ අවසන් සුපිරි කතාව#anurakumaradissanayake #npp
05:48
Video thumbnail
AKDට නුගේගොඩ විජයග්‍රාහී අවසන් මහ රැළියේදී උණුසුම් පිළිගැනීමක් #akd #npp #anurakumaradissanayake
01:56

?