ඊශ්‍රායලය මරණ සංඛ්‍යාව සංශෝධනය කරයි

ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර පවතින ගැටුම්වලින් මේ දක්වා ගාසා තීරයේ 11,000 කට වැඩි පිරිසක් මියගොස් ඇති බව වාර්තා වනවා.

විදෙස් වාර්තාවල දැක්වෙන්නේ මෙලෙස මියගිය පිරිස අතර ළමයින් 4,500 කට වැඩි ප්‍රමාණයක් සිටින බවයි.

මේ අතර පසුගිය ඔක්තෝම්බර් 07 වනදා එල්ල වූ හමාස් ප්‍රහාරවලින් මියගිය සංඛ්‍යාව සංශෝධනය කිරීමට ඊශ්‍රායල රජය කටයුතු කර තිබෙනවා.

ඒ, අනුව මෙතෙක් වාර්තාකර තිබූ 1,400ක මරණ සංඛ්‍යාව 1,200ක් දක්වා සංශෝධනය කිරීමටයි ඊශ්‍රායල රජය මෙලෙස කටයුතු කර ඇත්තේ.

එම රජය පවසන්නේ ඇතැම් හඳුනා නොගත් සිරුරු හමාස් ත්‍රස්තවාදීන්ගේ යැයි සැකකෙරෙන බැවින් මෙම තීරණය ගත් බවයි.

මේ අතර උතුරු ගාසා තීරයේ ඊයේ (10) දවස පුරා රෝහල් කිහිපයක හෝ ඒ ආසන්නයේ පිපිරීම් වාර්තා වී ඇති බව විදෙස් මාධ්‍ය තොරතරු වාර්තා කරනවා.

ඊශ්‍රායල හමුදා ගාසා නගරයේ අල්-ෂිෆා රෝහලේ ඉදිරිපස ගේට්ටුවට ප්‍රහාර එල්ල කරන අතර, රෝගීන් දහස් ගණනක් සහ අවතැන් වූ පලස්තීනුවන් විශාල පිරිසක් එම රෝහලේ මේ වනවිටත් රැඳී සිටින බවයි වාර්තා වන්නේ.

පලස්තීන රතු අඩ සඳ සංවිධානයේ ප්‍රධානියා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයට පවසන්නේ ගාසා තීරයේ සිවිල් වැසියන් බලහත්කාරයෙන් ඉවත් කිරීම සඳහා ඊශ්‍රායල හිතාමතාම ඉලක්කයන් කර ඇති බවයි.

මේ අතර ඊශ්‍රායලය පවසන්නේ පසුගිය දින දෙක තුළ පලස්තීනුවන් 100,000ක් ගාසා තීරයේ දකුණු දෙසට ගමන් කර ඇති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලීසිං ක්‍රමයට හාල් දෙන්න කොහේවත් තීරණයක් අරගෙන නෑ
03:52
Video thumbnail
බූරු කුට්ටමේ ඉන්න ජෝකර්ලා වෙනුවට උඹලාගේ ෆොටෝ එකක් දාගන්න
06:41
Video thumbnail
ලෝක අර්බුධය පාවිච්චි කරලා අපි හොරකම් කළේ නෑ
11:41
Video thumbnail
Praharaya| ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චි සහභාගිවන ප්‍රහාරය වැඩසටහන
01:25:31
Video thumbnail
මහ පාරට කුණු දාලා කඩුවෙල අපිරිසිදු කරන කට්ටිය
01:45
Video thumbnail
ෂෙඩ් එකේ මල් පැල උස්සලා බයික් එක අස්සේ දාගෙන ගිය හැටි
01:40
Video thumbnail
මිහින්තලා හිමි ආණ්ඩුව හොඳම පදෙන් අමතයි - වාචිකවත්, ලිඛිතවත් බොරු කියනවා
10:12
Video thumbnail
රනිල් Airport එකත් වී ගබඩා කරන තැනක් කළා - හොරු අල්ලනවා කියන සන්දර්ශනයෙන් මිනිස්සුන්ව මුලා කරලා
02:46
Video thumbnail
විධායකය විසින් අධිකරණයට තෑග්ගක් දෙන්නද යන්නේ ?අදත් හදිසියේම හමුවුණු ඒකාබද්ධ විපක්ෂය
04:18
Video thumbnail
බලය නොලැබීමේ බියෙන්ද ඉන්නේ ආණ්ඩුව ? - බලය ගන්න කළින් මාස 6න් ගොඩ දානවා කිව්වා
04:36