ඊශ්‍රායලය මරණ සංඛ්‍යාව සංශෝධනය කරයි

ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර පවතින ගැටුම්වලින් මේ දක්වා ගාසා තීරයේ 11,000 කට වැඩි පිරිසක් මියගොස් ඇති බව වාර්තා වනවා.

විදෙස් වාර්තාවල දැක්වෙන්නේ මෙලෙස මියගිය පිරිස අතර ළමයින් 4,500 කට වැඩි ප්‍රමාණයක් සිටින බවයි.

මේ අතර පසුගිය ඔක්තෝම්බර් 07 වනදා එල්ල වූ හමාස් ප්‍රහාරවලින් මියගිය සංඛ්‍යාව සංශෝධනය කිරීමට ඊශ්‍රායල රජය කටයුතු කර තිබෙනවා.

ඒ, අනුව මෙතෙක් වාර්තාකර තිබූ 1,400ක මරණ සංඛ්‍යාව 1,200ක් දක්වා සංශෝධනය කිරීමටයි ඊශ්‍රායල රජය මෙලෙස කටයුතු කර ඇත්තේ.

එම රජය පවසන්නේ ඇතැම් හඳුනා නොගත් සිරුරු හමාස් ත්‍රස්තවාදීන්ගේ යැයි සැකකෙරෙන බැවින් මෙම තීරණය ගත් බවයි.

මේ අතර උතුරු ගාසා තීරයේ ඊයේ (10) දවස පුරා රෝහල් කිහිපයක හෝ ඒ ආසන්නයේ පිපිරීම් වාර්තා වී ඇති බව විදෙස් මාධ්‍ය තොරතරු වාර්තා කරනවා.

ඊශ්‍රායල හමුදා ගාසා නගරයේ අල්-ෂිෆා රෝහලේ ඉදිරිපස ගේට්ටුවට ප්‍රහාර එල්ල කරන අතර, රෝගීන් දහස් ගණනක් සහ අවතැන් වූ පලස්තීනුවන් විශාල පිරිසක් එම රෝහලේ මේ වනවිටත් රැඳී සිටින බවයි වාර්තා වන්නේ.

පලස්තීන රතු අඩ සඳ සංවිධානයේ ප්‍රධානියා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයට පවසන්නේ ගාසා තීරයේ සිවිල් වැසියන් බලහත්කාරයෙන් ඉවත් කිරීම සඳහා ඊශ්‍රායල හිතාමතාම ඉලක්කයන් කර ඇති බවයි.

මේ අතර ඊශ්‍රායලය පවසන්නේ පසුගිය දින දෙක තුළ පලස්තීනුවන් 100,000ක් ගාසා තීරයේ දකුණු දෙසට ගමන් කර ඇති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුව ඔක්කොම අනාගන්නවා - කිසිම සැලැස්මක් නෑ
07:09
Video thumbnail
76ක පාලනය ඇතුළත ඖෂධ බ්‍රිතාන්‍ය ප්‍රමිතියෙන් පහළට ගෙනාවේ නෑ..ජීවිතය ඉල්ලගෙන එන ලෙඩාව ම# දාන ආණ්ඩුවක්
12:38
Video thumbnail
දින 23කට පසු උඩරට මැණිකේ බදුල්ලෙන් අඹේවෙල දක්වා ගමන් අරඹයි..අත්දැකීම විඳගන්න සිය ගාණක් අද එකතුවෙලා
02:10
Video thumbnail
මේ කියන්නේ උඹලා බෙහෙත් බීලා මැ#යල්ලා නැත්තම් නොබී මැ#යල්ලා කියලද? විෂ වුණොත්ලු පියවරක් ගන්න වෙන්නේ
05:34
Video thumbnail
සුදු ජාතික කාන්තාවෝ මැද්දෙ සමන්තයි,සංචාරක නි.ඇමතියි පපරේ සද්දෙට දැම්ම සුපිරිම සුපිරි ඩාන්ස් එක
01:35
Video thumbnail
මිහින්තලේ හිමිගෙන් ආණ්ඩුවට සැර අවවාදයක්..විකාර කියවන්නේ නැතුව..රට වැ#ච්ච ප්‍රපාතයෙන් ගොඩ ගන්න
01:21
Video thumbnail
රා ලොරියට,ලංගමයේ ආ මගීන් දෙදෙනෙකු ගැ# එක් අයෙකු එළොව යයි.."තාම හුස්ම තියෙනවා - ඉක්මනට අරන් යමන්"
05:04
Video thumbnail
Kasthirama | වත්මන් දේශපාලන තත්ත්වයේ වි-පාක්ෂික කියවීම - කස්තිරම විශේෂ වැඩසටහන සජිවීව
01:13:05
Video thumbnail
බලතල සිඟමනේ ඉන්දියාවට ගිය පොන්නම්බලන්ගේ කණ්ඩායමට අරුන්ගෙන් සැර කණේ ප#රක්..!
15:07
Video thumbnail
මම රාජකාරිය කරන්නේ..කනට ග#න්න එන්න එපා..මනු කියවන්නාට සත්තම දැමූ ගමේ චණ්ඩියා
04:16


?