රුපියල් කෝටි 06 ඉක්ම වූ කේරළ ගංජා උතුරෙන් සොයා ගැනේ

මුලතිව් සහ යාපනය මුහුදු තීරයන්ගෙන් රුපියල් කෝටි 06කට ආසන්න කේරළ ගංජා තොගයක් සොයාගෙන තිබෙනවා.

අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ; මෙම නීතිවිරෝධී මත්ද්‍රව්‍ය තොගය හමුව ඇත්තේ යාපනය – එළුවතිව් මුහුදු තීරයේ දී සහ මුලතිව් මුදුමාතලන් මුහුදු තීරයන් හි දී බවයි.

නාවික හමුදාව, යුද හමුදාව සහ පොලීසිය එක්ව සිදු කරන ලද සෝදිසි මෙහෙයුම්වල දීයි මෙම මත්ද්‍රව්‍ය සොයා ගැනුණේ.

මෙහිදී කේරළ ගංජා කිලෝ 159ක් සමගින් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එමෙන්ම යාපනය එළුවතිව් මුහුදු තීරයේ දී උතුරු නාවික විධානයට අයත් නිලධාරීන් පිරිසක් විසින් සිදු කරන
ලද සෝදිසි මෙහෙයුමක දී සැක කටයුතු ඩිංගි යාත්‍රාවක් පරීක්ෂා කිරීමේ දී එහි තිබී තවත් උර තුනක පාර්සල් 56ක් සොයා ගැනුණා.

එහි කේරළ ගංජා කිලෝ 137ක ප්‍රමාණයක් තිබුණු බවත් වාර්තා වනවා.

මේ අතර ඊයේ (07) දින මුලතිව් පුදුමාතලන් මුහුදු තීරයේදී සැක කටයුතු පොහොර උරයක් දැක යුදහමුදා
බුද්ධි අංශ නිලධාරීන් විසින් ඒ පිළිබඳ ව මුලතිව් පොලීසියට දැනුම් දී තිබෙනවා.

පසුව එම ස්ථානයට පැමිණි පොලිස් නිලධාරීන් විසින් අදාළ උරය පරික්ෂා කිරීමේ දී එහි තිබී කේරළ ගංජා කිලෝ 22 ක් තිබී සොයා ගනු ලැබූ අතර ම එම කේරළ ගංජා රැගෙන ආ අය පලා තිබුණා.

මෙම මත්ද්‍රව්‍ය ඉන්දියාවේ සිට මුහුදු මාර්ගය ඔස්සේ මෙරටට ගෙන එන්නට ඇතැයි සැක පළ කරනවා.

2 1 1
3 1
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාවින්න බස් නැවතුමේදී රියදුරන් හා කොන්දොස්තරවරුන්ගේ අහඹු මත්ද්‍රව්‍ය පරීක්ෂාවක්
03:45
Video thumbnail
ඇමතිලා භාවිත කළ කොළඹ නිල නිවාසවලට මොකද වෙන්නේ? අමු කැලෑවෙලා තියෙන්නේ..ගේට්ටු කැඩිලා
02:02
Video thumbnail
සෙංකෝලය ගිල්ලත් නඩු අහන වේගය අඩුවෙන්නේ නෑ
02:46
Video thumbnail
යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:32
Video thumbnail
යල කන්නයේ වී මිලදී ගැනීමේ සැලසුම් පිළිබඳ ජනපති ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාව
01:19
Video thumbnail
ඉන්ධන මිල අඩුවීම ගැන නලින්ද හෙළිකරයි - සහනය ඉවත් කළොත් මිල තව ඉහළ යනවා
02:43
Video thumbnail
පාස්කුවේ ප්‍රහාරයේ ප්‍රතිලාභියා කාදිනල් හිමිද ? කිසිම පූජකයෙක් මැ#ණේ නෑ..ඒක සැකයි
02:22
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.23
08:07:32
Video thumbnail
ත්‍රස්තවාදී පනතෙන් ආණ්ඩුවත් වැඩ ගන්නවද ?නලින්ද සියල්ල හෙළිකරයි - දික්කසාද නඩුවක් වගේද මේක පේන්නේ ?
05:34
Video thumbnail
සලේටයි බිරිඳටයි නලින්ද කට උත්තර නැතිවෙන්න කිව්ව කතාව - මහත්තයාට කන්න කියන්න..පූජා තියලා හරියන්නේ නෑ
04:32