උතුරු පළාතේ පොදු ප්‍රවාහනය ශක්තිමත් කිරීමට පියවර (වීඩියෝ)

උතුරු පළාතේ පොදු ප්‍රවාහනය ශක්තිමත් කිරීමට පියවර ගැනීමට කටයුතු කරන බව ප්‍රවාහන අමාත්‍ය ආචාර්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා.

යාපනය, කිලිනොච්චි, වන්නි ඇතුළු උතුරු පළාතේ රියදුරු හා කොන්දොස්තරවරුන්ගේ හිඟය හේතුවෙන් ධාවනය මේ වනවිට ඇනහිට තිබෙන ලංගම බස්රථ නැවත ධාවනයේ යෙදවීමට කොන්ත්‍රාත් පදනම මත බඳවා ගත් නවක රියදුරන් 25 දෙනෙකු සහ කොන්දොස්තරවරුන් 03 දෙනෙකු සඳහා පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ අවස්ථාවට එක්වෙමිනුයි අමාත්‍යවරයා මේ බව පැවසුවේ.

පසුගිය කාලය පුරාවට ආර්ථිකයේ ඇති වූ දැවැන්ත පසුබෑම හේතුවෙන් ඉදිරි වසර 03ක පමණ කාලය තුළ රාජ්‍ය සේවය සඳහා කිසිදු බඳවා ගැනීමක් සිදු කිරීමේ හැකියාවක් නොමැති බව ද අමාත්‍යවරයා පැවසුවා.

නව බඳවා ගැනීම් සිදුකර එම පිරිස් වෙත වැටුප් ගෙවීමේ හැකියාවක් මේ මොහොතේ රජයට නොමැති බවයි ප්‍රවාහන අමාත්‍යවරයා පැමිණ සිටි පිරිස අමතමින් කියා සිටියේ.

පසුගිය වසරේ රජයේ මුළු බදු ආදායමෙන් 72% ක් රාජ්‍ය සේවක වැටුප් සහ විශ්‍රාම වැටුප් ගෙවීමට වැය කර තිබෙන බවත්; තවත් 28%ක් සමෘද්ධි ඇතුළු අනෙකුත් සහනාධාර ගෙවීම් සඳහා වැයකොට ඇති බවත් සඳහන් කළා.

රටේ සම්පූර්ණ බදු ආදායම රාජ්‍ය සේවක වැටුප් සහ විශ්‍රාම වැටුප් ගෙවීමට වැය වූ බවයි හෙතෙම අවධාරණය කර සිටියේ.

එබැවින් ඉදිරියේ දී රටේ සංවර්ධන ක්ෂේත්‍රය දියුණු කිරීම වෙනුවෙන් අදාළ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේ දී අනවශ්‍ය වැයවීම් ඉවත් කරමින් කටයුතු කළ යුතු බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉන්ධන මිල අඩුවීම ගැන නලින්ද හෙළිකරයි - සහනය ඉවත් කළොත් මිල තව ඉහළ යනවා
02:43
Video thumbnail
පාස්කුවේ ප්‍රහාරයේ ප්‍රතිලාභියා කාදිනල් හිමිද ? කිසිම පූජකයෙක් මැ#ණේ නෑ..ඒක සැකයි
02:22
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.23
08:07:32
Video thumbnail
ත්‍රස්තවාදී පනතෙන් ආණ්ඩුවත් වැඩ ගන්නවද ?නලින්ද සියල්ල හෙළිකරයි - දික්කසාද නඩුවක් වගේද මේක පේන්නේ ?
05:34
Video thumbnail
සලේටයි බිරිඳටයි නලින්ද කට උත්තර නැතිවෙන්න කිව්ව කතාව - මහත්තයාට කන්න කියන්න..පූජා තියලා හරියන්නේ නෑ
04:32
Video thumbnail
සෙංකෝලය උස්සන්න ගිය සිද්ධිය ගැන නලින්ද සැරවෙයි - අපිට කරගන්න බැරි තත්ත්වයක් තිබුණේ
05:00
Video thumbnail
අධික වේගයෙන් ධාවනය වු යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:54
Video thumbnail
ඔයාලට වැඩ බැරි නම් ඔය පුටුවලින් නැගිටිලා යන්න
03:05
Video thumbnail
ප්‍රසාද් සර්ගේ ප්‍රකාශයට කැබිනට් මාධ්‍ය හමුවේදී සැර කතාවක් - අපි තීන්දු ගන්නේ නෑ අධිකරණයම බලාගයි
01:55
Video thumbnail
අපි අමාරුවෙන් රට ගොඩනගද්දී විපක්ෂය ඒක කඩාකප්පල් කරන්න හදනවා
03:01