AFC Banner
Empty Ad
Empty Ad

හන්තාන ඉඩම රජයට දෙන්න කිරිඇල්ල සූදානම්

හන්තාන රක්ෂිතයේ ඉඩම පරිසර සංවේදී ව්‍යාපෘතියක් සඳහා රජයට දීමට තමන් සූදානම් බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල ඊයේ (22 වැනිදා) ප්‍රකාශ කළේය.

විපක්ෂ නායක කාර්යාලයේ ඊයේ (22 වැනිදා) පැවැති මාධ්‍ය හමුවකදී මන්ත්‍රීවරයා මේ බව කීවේය.

මේ සම්බන්ධයෙන් රජය සමග සාකච්ඡා කිරීමට තමන් සූදානම් බවද අදාළ ඉඩම නිරීක්ෂණය කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට සහ මාධ්‍යවේදීන්ට ආරාධනා කරන බවද හෙතෙම කීවේය.

තමන් මෙම ඉඩම 2015 දී ආරාමයක් පවත්වාගෙන යාම සඳහා හිමි නමකට පූජා කළ බවද උන්වහන්සේ එය භාර නොගත් බවද මන්ත්‍රීවරයා කීවේය.

බෞද්ධයෙකු ලෙස සියල්ල අත් හරින්න තමන් සූදානම් බව පවසන මන්ත්‍රීවරයා හන්තාන ඉඩම සම්බන්ධයෙන් ආණ්ඩුවට විශාල උණක් ඇතැයිද එනිසා එය ආණ්ඩුවට දීමට තමන් සූදානම් බවද කීවේය.

රජය කිව්වා රටේ ජනතාවට පුළුවන් තරම් වගා කරන්න කියලා. ඒ නිසා ඉඩමේ වගා කරන්නැයි මම පවුලේ අයට පැවසුවා යැයිද හෙතෙම කීය.

– අජිත් අලහකෝන්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?