හන්තාන ඉඩම රජයට දෙන්න කිරිඇල්ල සූදානම්

හන්තාන රක්ෂිතයේ ඉඩම පරිසර සංවේදී ව්‍යාපෘතියක් සඳහා රජයට දීමට තමන් සූදානම් බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල ඊයේ (22 වැනිදා) ප්‍රකාශ කළේය.

විපක්ෂ නායක කාර්යාලයේ ඊයේ (22 වැනිදා) පැවැති මාධ්‍ය හමුවකදී මන්ත්‍රීවරයා මේ බව කීවේය.

මේ සම්බන්ධයෙන් රජය සමග සාකච්ඡා කිරීමට තමන් සූදානම් බවද අදාළ ඉඩම නිරීක්ෂණය කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට සහ මාධ්‍යවේදීන්ට ආරාධනා කරන බවද හෙතෙම කීවේය.

තමන් මෙම ඉඩම 2015 දී ආරාමයක් පවත්වාගෙන යාම සඳහා හිමි නමකට පූජා කළ බවද උන්වහන්සේ එය භාර නොගත් බවද මන්ත්‍රීවරයා කීවේය.

බෞද්ධයෙකු ලෙස සියල්ල අත් හරින්න තමන් සූදානම් බව පවසන මන්ත්‍රීවරයා හන්තාන ඉඩම සම්බන්ධයෙන් ආණ්ඩුවට විශාල උණක් ඇතැයිද එනිසා එය ආණ්ඩුවට දීමට තමන් සූදානම් බවද කීවේය.

රජය කිව්වා රටේ ජනතාවට පුළුවන් තරම් වගා කරන්න කියලා. ඒ නිසා ඉඩමේ වගා කරන්නැයි මම පවුලේ අයට පැවසුවා යැයිද හෙතෙම කීය.

– අජිත් අලහකෝන්



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14