මෙසී 8 වැනි වරටත් Ballon d’Or සම්මානය දිනයි

2023 Ballon d’Or සම්මානය තමන් සතු කරගන්නට ආර්ජින්ටිනාවේ ලෝක ශූර ලියොනල් මෙසී සමත් වුණා.

ලොව සිටින විශිෂ්ටතම පාපන්දු ක්‍රීඩක ක්‍රීඩිකාවන් වසරක් වසරක් පාසා තෝරාපත් කරගනිමින් මෙම Ballon d’Or සම්මාන උලෙළ සංවිධානය කරන්නේ ප්‍රංශ පාපන්දු සඟරාව විසින්.

මෙම උත්සවය මෙවර පැවැත්වුණේ 67 වැනි වරටයි.

Aitana Bonmatí හට මෙවර කාන්තා පාපන්දු විශිෂ්ටතා සම්මානය හිමිවුණා.

ඇය ස්පාඤ්ඤ කාන්තා පාපන්දු මැදපෙළ ක්‍රීඩිකාවක් ලෙසටයි කටයුතු කරන්නේ.

Lionel Messi වාර්තාගත අටවන Ballon d’Or සම්මානයයි ඊයේ දිනයේ දී දිනාගනු ලැබුවේ.

ලියොනල් මෙසී 2009 වර්ෂයේ දී පළමු Ballon d’Or සම්මානය දිනා ගත්තා.

මෙසී සමග මෙම සම්මානය දිනා ගන්නට හිටපු බාර්සිලෝනා සහ මැන්චෙස්ටර් සිටි ප්‍රහාරක ක්‍රීඩක අර්ලින් හැලන්ඩ් සහ හිටපු පැරිස් සෙන්ට් ජර්මේන් කණ්ඩායමේ සගයා වන ක‍යිලියන් ම්බප්පේට වඩා ඉදිරියෙන් සිටියා.

මෙම ලෝක ශූරයාට මෙවර සම්මානය පිරිනැමුවේ, හිටපු එංගලන්ත පාපන්දු සුපිරිතම තරුවක් වන
ඩේවිඩ් බෙකම්ගේ සුරතින්.

සම්මානය ලබා ගැනීමෙන් අනතුරුව මෙසී කියා සිටියේ; පාපන්දු ක්‍රීඩාවෙන් ලද සියල්ල ම දෙවියන්ගෙන් ලැබුණු බවත්, උන්වහන්සේට සිය ස්තුතිය පිරිනැමෙන බවයි.

සිය ස්තුති කතාව අවසන් කිරීමට පෙර මෙසී හිටපු ලෝක පාපන්දු ශූර ඩියාගෝ මැරඩෝනා වෙනුවෙන් ද හඬ අවදි කළා.

ඒ ඔහුගේ උපන්දිනයට සුබ පැතුම් එක් කරමින්.

ඊයේ දිනයේ දී මැරඩෝනා ජන්ම දිනය සැමරූ අතර, ඔහු මෙලොවින් සමුගත්තේ 2020 වසරේ දීයි.

සම්මාන උලෙළේ දී මැරඩෝනාට ආදරය කරනා සෑම කෙනෙකුට ම තමන් සමග එක් ව එම දැවැන්ත පාපන්දු චරිතය වෙනුවෙන් සුබ පැතුම් එක් කරන ලෙසට ද මෙසී ඉල්ලා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කවුද ආණ්ඩුව පෙරලන්න හැදුවේ..මම නම් කැමති මේ ආණ්ඩුව අවුරුදු 5ම යනවට
01:02
Video thumbnail
ආණ්ඩුවේ බොරුව නිසා මැති ඇමතිලගේ පුතාලට වෙලා තියෙන දේ..පිට්ටනියට යන්න බැරුව ඇති
07:50
Video thumbnail
දුමින්ද දිසානායක ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්න දෙසයි - ගමේ රැස්වීම්වල මිනිස්සු 50ක්වත් නෑනේ
04:13
Video thumbnail
අපිට බල කරපු නාමල් දැන් කොහෙද ඉන්නේ ? දැන් පොහොර නෑනේ මේ රටේ
02:33
Video thumbnail
උගන්ඩා කුමාරිට දුමින්ද හොඳ පදෙන්ම අමතයි - කිසි ගානක් නැතුව මෙච්චර බොරු කියන්නේ..
03:40
Video thumbnail
චාමර සම්පත් තමයි මොන දේටත් පෙනී ඉන්නේ..විපක්ෂයේ ප්‍රතික්ෂේපවීමට හේතුව අහන්න ඕනි සජිත්ගෙන්
06:06
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:38:40
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු එන්නද යන්නේ ? - එයාලා පෙරළගත්තොත් රට බාරගන්න කෙනෙක් ඉන්න ඕනි
02:37
Video thumbnail
සමගි ජන බලවේගය අපි එක්ක සම්බන්ධයි..හැබැයි පේන්නේ නෑ - මහින්දලා ගැන අදටත් අපේ විවේචන තියෙනවා
06:09
Video thumbnail
ආණ්ඩුවට අපි බය නෑ..බයනම් මෙහෙම කතා කරනවද ?.. l Duminda Dissanayake
02:12