චීන පර්‍යේෂණ නෞකාව මහජනතාවට දින දෙකකට ඇරේ

මෙරටට ඊයේ දිනයේ දී සේන්දු වූ චීනයේ SHI YAN 6 නෞකාව ඉදිරි දින දෙකක කාලයක් මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත කර තිබෙනවා.

මෙම නෞකාව ශ්‍රී ලංකාවට සේන්දු වීම සම්බන්ධයෙන් අසල්වාසී ඉන්දියාව තවමත් නොසතුටින් සිටින බවටයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ඊයේ පස්වරුවේ දී මෙරට කොළඹ වරායට නැව්ගත කටයුත්තක් හේතුවෙන් පැමිණීමට විදේශ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රිගේ අවසර හිමි වුණා.

මෙම චීන නෞකාව පර්‍යේෂණ නෞකාවක් ලෙසටයි එරටින් අර්ථකථනය කරන්නේ.

අසල්වාසී ඉන්දීය රජය මෙම පැමිණීමට නොසතුටින් සිටින්නේ, මීට පෙර ද චීනයෙන් මෙරටට ආ යුවාන් වෑන්ග් 5 දරන නෞකාව හම්බන්තොට වරායට පැමිණ සිය පර්‍යේෂණ කටයුතු සිදු කිරීම හේතුවෙන්.

එය ඉන්දීය රාජ්‍ය ආරක්ෂාවට විශාල කැළලක් බවත්, අවදානමක් බවත් ඔවුන් මතු කර තිබුණා.

ඒ අදාළ නෞකාව විසින් දකුණු ඉන්දීය කලාපයේ මර්මස්ථානයන්හි දී සූක්ෂ්ම අයුරින් රහස් බුද්ධි තොරතුරු ලබා ගැනීමේ අවදානමක් මතු ව ඇතැයි බවට සඳහන් කරමින්.

මෙම SHI YAN 6 නෞකාවේ විද්‍යාඥ කණ්ඩායමේ ප්‍රධානියා ලෙස කටයුතු කරන්නේ; චීන ජාතික මහාචාර්ය වෙයියෑන්ග් වැන්ග්.

ඔහු පවසන්නේ සිය පර්‍යේෂණ කණ්ඩායම පැමිණ ඇත්තේ මෙරට වෙරළ ආසන්න සාගර කලාපය තුළ පුළුල් පර්‍යේෂණයක් සිදු කිරීමේ අරමුණින් බවයි.

මීට අමතරව මෙරට අමාත්‍යාංශ සහ විශ්වවිද්‍යාල සමග එකතු වී කටයුතු කිරීමට ද චීන පර්‍යේෂක කණ්ඩායම බලාපොරොත්තු වනවා.

මෙලෙස ආ නෞකාව හෙට (27) සහ අනිද්දා (28) යන දෙදින දී මෙරට මහජනතාවට නැරඹීමේ අවස්ථාව උදා වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත්ව වට කරගෙන මිනිස්සු හඬා වැටෙයි
00:53
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ගෙන ආ ලෝක කුසලානය
01:07
Video thumbnail
"රජවරු කනෙන් අල්ලලා එළියට දාපු කණ්ඩායමක් ස්වාමීන් වහන්සේලා" අපිට ඉන්දියාවත් හොල්ලන්න පුළුවන්
11:20
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
02:56
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
03:18
Video thumbnail
ඉන්දියාවේ නිලාධාරින් බෝට්ටුවට ඇවිත් හොඳටම ග#ලා..ප#සට අයිසුත් ඔබලා..ඥාතීන් හඬා වැටෙයි
05:39
Video thumbnail
ගමින් ගමට වැඩසටහනට ගිය නාමල්ගෙන් සැර කතාවක්..ජනාධිපති බොරුවට චෙක් බෙදලා..ලැජ්ජා නැහැ
08:45
Video thumbnail
සියලුම බාධාවලට මුහුණ දීලා අපි ඉස්සරහට යනවා
06:07
Video thumbnail
කිසිම ආණ්ඩුවක් කරපු නැති දෙයක් අපි කළා
05:38
Video thumbnail
ඉපලෝගම OICගේ සිද්ධියේ හඬ පටයක් ලීක් වෙයි ?..මාලිමා මන්ත්‍රී OICගේ Drinking Partner ?
13:28


?