චීන පර්‍යේෂණ නෞකාව මහජනතාවට දින දෙකකට ඇරේ

මෙරටට ඊයේ දිනයේ දී සේන්දු වූ චීනයේ SHI YAN 6 නෞකාව ඉදිරි දින දෙකක කාලයක් මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත කර තිබෙනවා.

මෙම නෞකාව ශ්‍රී ලංකාවට සේන්දු වීම සම්බන්ධයෙන් අසල්වාසී ඉන්දියාව තවමත් නොසතුටින් සිටින බවටයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ඊයේ පස්වරුවේ දී මෙරට කොළඹ වරායට නැව්ගත කටයුත්තක් හේතුවෙන් පැමිණීමට විදේශ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රිගේ අවසර හිමි වුණා.

මෙම චීන නෞකාව පර්‍යේෂණ නෞකාවක් ලෙසටයි එරටින් අර්ථකථනය කරන්නේ.

අසල්වාසී ඉන්දීය රජය මෙම පැමිණීමට නොසතුටින් සිටින්නේ, මීට පෙර ද චීනයෙන් මෙරටට ආ යුවාන් වෑන්ග් 5 දරන නෞකාව හම්බන්තොට වරායට පැමිණ සිය පර්‍යේෂණ කටයුතු සිදු කිරීම හේතුවෙන්.

එය ඉන්දීය රාජ්‍ය ආරක්ෂාවට විශාල කැළලක් බවත්, අවදානමක් බවත් ඔවුන් මතු කර තිබුණා.

ඒ අදාළ නෞකාව විසින් දකුණු ඉන්දීය කලාපයේ මර්මස්ථානයන්හි දී සූක්ෂ්ම අයුරින් රහස් බුද්ධි තොරතුරු ලබා ගැනීමේ අවදානමක් මතු ව ඇතැයි බවට සඳහන් කරමින්.

මෙම SHI YAN 6 නෞකාවේ විද්‍යාඥ කණ්ඩායමේ ප්‍රධානියා ලෙස කටයුතු කරන්නේ; චීන ජාතික මහාචාර්ය වෙයියෑන්ග් වැන්ග්.

ඔහු පවසන්නේ සිය පර්‍යේෂණ කණ්ඩායම පැමිණ ඇත්තේ මෙරට වෙරළ ආසන්න සාගර කලාපය තුළ පුළුල් පර්‍යේෂණයක් සිදු කිරීමේ අරමුණින් බවයි.

මීට අමතරව මෙරට අමාත්‍යාංශ සහ විශ්වවිද්‍යාල සමග එකතු වී කටයුතු කිරීමට ද චීන පර්‍යේෂක කණ්ඩායම බලාපොරොත්තු වනවා.

මෙලෙස ආ නෞකාව හෙට (27) සහ අනිද්දා (28) යන දෙදින දී මෙරට මහජනතාවට නැරඹීමේ අවස්ථාව උදා වී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14