අමරිකාවේ ලුවිස්ටන්හි වෙඩි තැබීමකින් 16ක් මරුට

ඇමරිකාවේ ලුවිස්ටන්, මේන් හි වෙඩි තැබීම් කිහිපයකින් පුද්ගලයින් 16 දෙනෙකු මිය ගොස් තිබෙනවා.

වෙඩි තැබීම් හේතුවෙන් තුවාල ලැබූ සංඛ්‍යාව කොපමණ දැයි මෙතෙක් තොරතුරු අනාවරණ වී නොමැති අතර අවම වශයෙන් පුද්ගලයින් 50 ත් 60 ත් අතර සංඛ්‍යාවක් තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ප්‍රහාරකයා හඳුනාගැනීම සඳහා සැකකරුවෙකුගේ ඡායාරූප ආරක්ෂක අංශය විසින් නිකුත් කරන ලද අතර එම පුද්ගලයා අධි බලැති ප්‍රහාරක මාදිලියේ රයිෆලයක් අතැතිව සිටිනු දක්නට ලැබෙනවා.

ස්ථාන 3කදී මෙම වෙඩි තැබීම් වාර්තා වී ඇතැයි සඳහන්. සැකකරු 40 හැවිරිදි රොබට් කාඩ් නම් අයෙක් බවට හඳුනාගෙන ඇති අතර ඔහු සුදු පැහැති මෝටර් රථයක් පදවාගෙන පැමිණි බවටයි හෙළිවී ඇත්තේ.

ප්‍රාන්ත පොලිසිය ජනතාවට උපදෙස් ලබාදී ඇත්තේ දොරවල් අගුළු දමා නිවස තුළ රැඳී සිටින ලෙසටයි. කිසියම් සැක කටයුතු ක්‍රියාකාරකමක් හෝ පුද්ගලයන් දුටුවහොත් කරුණාකර හදිසි ඇමතුම් අංශයට දැනුම්දෙන ලෙසට ඔවුන් ප්‍රකාශ කර තිබෙනවා.

ලුවිස්ටන් යනු පෝට්ලන්ඩ් සිට සැතපුම් 36ක් පමණ උතුරින් පිහිටි නගරයක් වන අතර එය ප්‍රාන්තයේ දෙවන විශාලතම නගරය ද වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පැලවත්තේ ටිල්වින් සමාගම තමයි දැන් රටේ තීන්දු තීරණ ගන්නේ
07:39
Video thumbnail
වතුර නැතුව අසරණ වුණු අලි සෙට් එක ගම් වදී
01:01
Video thumbnail
අපිට බදු ගෙව්වේ නැත්තම් රජය ලොස් වෙනවා - ඔයාලට පඩි ගෙවන්නෙත් අපේ සල්ලිවලින්
04:01
Video thumbnail
මේක කඩන්න අපි ආණ්ඩුවට ඉඩ දෙන්නේ නෑ - මේ ආණ්ඩුවට දුන්නේ මේවා කරන්න ද..?
06:54
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු
01:18
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු - සුනඛයන් දාලා පරික්ෂා කරයි
02:22
Video thumbnail
වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන සිදුවූ අනතුරකින් 07ක් රෝහලේ - අධිබලැති කණුවකුත් කඩාගෙන ගිහින්
01:30
Video thumbnail
සෙවනගල සීනි කර්මාන්තශාලාව ගැන සභාපතිගෙන් හෙළිදරව්වක් - කඩාකප්පල්කාරි වැඩ කරන්න එපා
07:55
Video thumbnail
යාපහුව රාජධානිය ප්‍රතිනිර්මාණය කරන්න රජයෙන් මුදල් වෙන් කළා - කෞතුකාගාරයක් දාන්න නියමිතයි
05:10
Video thumbnail
සජිත් හෙළිකරපු ආණ්ඩුවේ ගිනස් වාර්තාව - මේ ආණ්ඩුව සම්මානලාභී බොරුකාරයෝ
04:51