ඇල්ල -වැල්ලවාය මාර්ගයේ එක් මංතීරුවක් රිය ධාවනයට ඇරේ (ඡායාරූප)

මේ දිනවල පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් ඇල්ල – වැල්ලවාය මාර්ගයට පස් කඳු කඩා වැටී නාය යෑමේ තර්ජනයට ලක් ව තිබෙනවා.

ඊයේ දිනයේ දී ද එම මාර්ගයේ රන්දෙණිය ප්‍රදේශයෙන් ද ගල් සහ පස් මාර්ගයට කඩා වැටීමෙන් ගමනාගමනයට දැඩි බාධා එල්ල වුණා.

මේ වනවිට එම අවහිර වූ මාර්ගවල ඇති පස් සහ ගල් ඉවත් කිරීමේ මෙහෙයුම් අඛණ්ඩ ව සිදු කෙරෙන බවයි අප ප්‍රාදේශීය වාර්තාකරු ජයන්ත වීරසේකර පැවසුවේ.

නායයෑම නිසා අවහිර වූ ඇල්ල – වැල්ලවාය මාර්ගයේ එක් මංතීරුවක් ද මේ වනවිට රථ වාහන ධාවනය සඳහා විවෘත කර තිබෙනවා.

වැල්ලවාය – රණ්දෙණිය සහ හයේ කණුව ඇතුළු ස්ථාන රැසක විශාල ගස්, ගල් සහ පස් කඳු; මාර්ගයට කඩා වැටී තිබූ අතර එම නිසා මාර්ගයේ ගමනාගමනයට සම්පූර්ණයෙන් ම බාධා එල්ල වූ හෙයින්; රථ වාහන ධාවනයේ දී ඊයේ දිනයේ සිට බෙරගල – කළුපහන මාර්ගය විකල්ප ලෙස භාවිත කිරීමට රියදුරන් පියවර ගැනුණා.

පසුව එම ගස් සහ පස් කඳු ඉවත් කර එක් මංතීරුවක් අද උදෑසන වන විට රථ වාහන ධාවනයට විවෘත කෙරුණා.

මෙම නාය යෑම් නිසා මාර්ගය අසල නවතා තිබූ ලොරි රථයකට ද හානි සිදු වී ඇති බවයි වාර්තාවන්නේ.

අද පස්වරුවේ දී ත් මෙවැනි විශාල වර්ෂාපතනයක් ලැබුණුහොත් ඇල්ල – වැල්ලවාය මාර්ගය භාවිතයට ගැනිමේ දී වැඩි වශයෙන් අවධානය යොමු කරන ලෙසටයි දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

WhatsApp Image 2023 10 25 at 11.46.10 2
WhatsApp Image 2023 10 25 at 11.46.11
WhatsApp Image 2023 10 25 at 11.46.14 1
WhatsApp Image 2023 10 25 at 11.46.13 1
WhatsApp Image 2023 10 25 at 11.46.13
WhatsApp Image 2023 10 25 at 11.46.14 2
WhatsApp Image 2023 10 25 at 11.46.14


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32