spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ඇල්ල -වැල්ලවාය මාර්ගයේ එක් මංතීරුවක් රිය ධාවනයට ඇරේ (ඡායාරූප)

මේ දිනවල පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් ඇල්ල – වැල්ලවාය මාර්ගයට පස් කඳු කඩා වැටී නාය යෑමේ තර්ජනයට ලක් ව තිබෙනවා.

ඊයේ දිනයේ දී ද එම මාර්ගයේ රන්දෙණිය ප්‍රදේශයෙන් ද ගල් සහ පස් මාර්ගයට කඩා වැටීමෙන් ගමනාගමනයට දැඩි බාධා එල්ල වුණා.

මේ වනවිට එම අවහිර වූ මාර්ගවල ඇති පස් සහ ගල් ඉවත් කිරීමේ මෙහෙයුම් අඛණ්ඩ ව සිදු කෙරෙන බවයි අප ප්‍රාදේශීය වාර්තාකරු ජයන්ත වීරසේකර පැවසුවේ.

නායයෑම නිසා අවහිර වූ ඇල්ල – වැල්ලවාය මාර්ගයේ එක් මංතීරුවක් ද මේ වනවිට රථ වාහන ධාවනය සඳහා විවෘත කර තිබෙනවා.

වැල්ලවාය – රණ්දෙණිය සහ හයේ කණුව ඇතුළු ස්ථාන රැසක විශාල ගස්, ගල් සහ පස් කඳු; මාර්ගයට කඩා වැටී තිබූ අතර එම නිසා මාර්ගයේ ගමනාගමනයට සම්පූර්ණයෙන් ම බාධා එල්ල වූ හෙයින්; රථ වාහන ධාවනයේ දී ඊයේ දිනයේ සිට බෙරගල – කළුපහන මාර්ගය විකල්ප ලෙස භාවිත කිරීමට රියදුරන් පියවර ගැනුණා.

පසුව එම ගස් සහ පස් කඳු ඉවත් කර එක් මංතීරුවක් අද උදෑසන වන විට රථ වාහන ධාවනයට විවෘත කෙරුණා.

මෙම නාය යෑම් නිසා මාර්ගය අසල නවතා තිබූ ලොරි රථයකට ද හානි සිදු වී ඇති බවයි වාර්තාවන්නේ.

අද පස්වරුවේ දී ත් මෙවැනි විශාල වර්ෂාපතනයක් ලැබුණුහොත් ඇල්ල – වැල්ලවාය මාර්ගය භාවිතයට ගැනිමේ දී වැඩි වශයෙන් අවධානය යොමු කරන ලෙසටයි දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

WhatsApp Image 2023 10 25 at 11.46.10 2
WhatsApp Image 2023 10 25 at 11.46.11
WhatsApp Image 2023 10 25 at 11.46.14 1
WhatsApp Image 2023 10 25 at 11.46.13 1
WhatsApp Image 2023 10 25 at 11.46.13
WhatsApp Image 2023 10 25 at 11.46.14 2
WhatsApp Image 2023 10 25 at 11.46.14
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?