හොර වීසා ගසා එක්සත් රාජධානියට පනින්න හදලා – 23 හැවිරිදි තරුණයෙක් අත්අඩංගුවට

ව්‍යාජ ලෙස සකස් කළ වීසා බලපත්‍රයක් භාවිත කර එක්සත් රාජධානිය වෙත පැන යාමට තැත් කළ ශ්‍රී ලාංකික තරුණයෙකු කටුනායක ගුවන් තොටුපොළ ආගමන විගමන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ යාපනය, පේදුරුතුඩුව ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි තරුණයෙක්.

මොහු ඊයේ (20) උදෑසන කටාර් ගුවන් සේවයේ කිව්.ආර් – 659 දරණ ගුවන් යානයෙන් දෝහා වෙත ගොස්, එතැන් සිට එක්සත් රාජධානිය වෙත යාමට සූදානමින් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.

එහිදී ඔහු සතුව තිබූ වීසා බලපත්‍රය ඇතුළු අනෙකුත් ලියකියවිලි නිශ්කාශන කටයුතු සඳහා ගුවන් තොටුපොළ පිටත්වීමේ පර්යන්තයේ ආගමන විගමන නිලධාරීන් වෙත භාර දී තිබුණා.

එහිදී ඉදිරිපත් කර තිබූ වීසා බලපත්‍රය පිළිබඳව ඇති වූ සැකය මත අනෙකුත් ලියකියවිලි සියල්ල ගුවන් තොටුපොළ දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් වෙත යොමුකර තිබෙනවා.

ඒ, අනුව සිදුකළ තාක්ෂණික පරීක්ෂා කිරීම්වල දී මෙම වීසා බලපත්‍රය කූඨ ලෙස සකස් කළ එකක් බවට තහවුරු කර ගැනීමට හැකිව තිබෙනවා.

අනතුරුව තරුණයා අත්අඩංගුවට ගැනීමටයි කටයුතු කර ඇත්තේ.

ආගමන විගමන නිලධාරීන් විසින් මෙලෙස අත්අඩංගුවට ගත් තරුණයා වැඩිදුර විමර්ශන කටයුතු සදහා කටුනායක ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත භාර දී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජිනානන්ද හිමිගෙන් ආණ්ඩුවට චෝදනා - පැලවත්තේ කල්ලිය රටට එරෙහි කුමන්ත්‍රණයක් කරනවා ?
01:38
Video thumbnail
පිරිසිදු ජල සිහිනය සිහිනයක්ම නොවෙන්න දුන් සජිත් ප්‍රේමදාස - ගොඩක් පින් සිද්ධවෙනවා..උතුම් වැඩක්
03:38
Video thumbnail
අනුර සහෝදරයෝ පාස්පෝට් එක දීලා කොට්ටහච්චිව යවන්න සල්ලි ගේන්න උගණ්ඩාවට..
00:22
Video thumbnail
අත්බෝම්බ ප්‍ර#රයෙන් පසු ප්‍රදේශයට දැඩි ආරක්ෂාවක් - හතර වටේම STF එක දාලා
01:25
Video thumbnail
දවස් පහේ ජනපතිලා ඉන්නේ..සෙනසුරාදා, ඉරිදා නිවාඩුද කොහෙදෝ - රට හදන්න ඉස්සර ඔයාගේ ලේකම් හදාගන්න
07:18
Video thumbnail
22 ගැන වාසුදේව කට අරියි - තීන්දු ලැබෙන්නත් ඉස්සර සැක කරන අය තමයි පෙත්සම් ගේන්නේ
02:46
Video thumbnail
ජනාධිපති ලේකම් කාර්යාලය අසල උණුසුම් - 8 - 5 ජනපති නෙවෙයිනේ..කාර්යය මණ්ඩලයේ කවුරුත් නෑ
07:48
Video thumbnail
නාමල්ව සජබයටනම් අභියෝගයක් වෙලා නෑ..දැනෙන්නේවත් නෑ - ඊළඟ විකල්පය සජිත්
04:06
Video thumbnail
බොන වතුරේ තියෙන්නේ ගල් කුඩු - බොන්න බෑ මුත්‍රා දැවිල්ලයි..දරුවෝ කෑගහනවා
07:29
Video thumbnail
අපි ඉස්සරහට අවු:40ක් වෙනකල් ත්‍රීවිල් පදින්න දෙන්නේ නෑ - අනාගතය තියෙන්නේ අධ්‍යාපනය අතේ
02:49