උසස් පෙළ සමත් තරුණ තරුණියන්ට නව අවස්ථාවක්

මෙරට තොරතුරු තාක්ෂණ අංශයේ රැකියා අවස්ථා විසිදහසක් වාර්ෂිකව ඇති වන නමුත්, එම රැකියා පුරප්පාඩු පියවීමට අවශ්‍ය පුහුණු ශ්‍රම බළකායේ හිඟයක් ඇති බව තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා පවසනවා.

තොරතුරු තාක්ෂණ කේෂ්ත්‍රයේ උපාධිධාරීන් දසදහසක් පමණ වාර්ෂිකව රාජ්‍ය හා පෞද්ගලික විශ්වවිද්‍යාල වෙතින් පිටවන බව පෙන්වා දුන් අමාත්‍යවරයා, ඉතිරි පුරප්පාඩු පිරවීම සඳහා උසස් පෙළ සමත් තරුණ තරුණියන් පුහුණු කළ යුතුව තිබෙන බවයි සඳහන් කළේ.

තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ කර්මාන්ත සම්මේලනයේ අධ්‍යාපන අංශය විසින් සංවිධානය කරන ‘ජාත්‍යන්තර අධ්‍යාපන සංසදය – 2023’ පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීම වෙනුවෙන් අද (19) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින්.‍

මෙම ජාත්‍යන්තර අධ්‍යාපන සංසදය – 2023, ‘INFOTEL ICT’ ප්‍රදර්ශනයට සමගාමීව නොවැම්බර් මස 03 වැනිදා කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතයි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කනක හේරත් මහතා,

මෙරට පවතින අධ්‍යාපන ක්‍රමවේදය වෙනස් විය යුතු බව බොහෝ දෙනෙකුගේ අදහස වී තිබෙනවා. එවැනි පසුබිමක ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ කර්මාන්ත සම්මේලනය මෙවැනි වැඩමුළුවක් සංවිධානය කිරීම ඉතා කාලෝචිත ක්‍රියාවක්.

ජාතික ආර්ථිකය නඟාසිටුවීමේ වැඩපිළිවෙළට තාක්ෂණයෙන් සන්නද්ධ වෘත්තිකයන්ගේ සහාය ඉතා වැදගත් වෙනවා. නව තාක්ෂණය සමඟ පවතින අධ්‍යාපන ක්‍රමය ද වෙනස් විය යුතුයි.

වාර්ෂිකව තොරතුරු තාක්ෂණ කේෂ්ත්‍රයේ රැකියා අවස්ථා 20000ක් පමණ ඇති වෙනවා. එවැනි තත්ත්වයක් තුළ තොරතුරු තාක්ෂණ අංශයේ වෘත්තිකයන් සිටින්නේ දසදහසක් පමණයි.

තොරතුරු තාක්ෂණ කේෂ්ත්‍රයේ වෘත්තිකයන්ගේ ලොකු හිඩැසක් අප රටේ තිබෙනවා. එම හිඩැස පිරවීමට අවශ්‍යයි. මේ සඳහා හිඩැස සම්පූර්ණ කර ගැනීමට උසස් පෙළ සමත් තරුණ තරුණියන් යොදා ගැනීම ඉතා වැදගත් වෙනවා. ඒ කෙරෙහි අප රජය අවධානය යොමු කර තිබෙනවා.

ඒ අනුව 2030 වසර වන විට ජාතික ඩිජිටල් ආර්ථික ප්‍රතිපත්තියක් සැකසීමේ මූලික අරමුණ ඇතිව ‘DIGIECON 2030’ වැඩසටහන ආරම්භ කර තිබෙනවා. රජයේ එම වැඩසටහන සාක්ෂාත් කර ගැනීම උදෙසා සමගාමීව සංවිධානය කරන එක් වැඩසටහනක් ලෙස මෙම ජාත්‍යන්තර අධ්‍යාපන සංසදය හඳුන්වන්න පුළුවන්.

රටේ ඩිජිටල් ආර්ථික සැලැස්ම ඉදිරියට ගෙන යෑමේදී මේ රටේ අධ්‍යාපන කේෂ්ත්‍රයේ මැදිහත් වීම ඉතා වැදගත් වෙනවා. එනිසා මේ සඳහා සහභාගි වෙන ලෙසට සියලුම තරුණ තරුණියන්ටත්, ශිෂ්‍ය ශිෂ්‍යාවන්ටත් ආරාධනා කර සිටිනවා.

DIGIECON 2030 වැඩසටහනේ අරමුණු සාක්ෂාත් කර ගැනීමට අධ්‍යාපන ආයතන, සිය තාක්ෂණය පදනම් කරගත් නිපුණතා බළකාය වර්ධනය කිරීමටත්, අනාගතයේදී මුහුණ දෙන අභියෝගවලට විසඳුම් ලබාදීමට අදාළ අංශ සවිබල ගැන්විය යුතු බව ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ කර්මාන්ත සම්මේලනයේ සභාපති (FITIS) ඉන්දික ද සොයිසා මහතා මෙහිදී ප්‍රකාශ කළා.

ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ කර්මාන්ත සම්මේලනයේ අධ්‍යාපන අංශයේ සභාපති අමිල බණ්ඩාර මහතා ප්‍රකාශ කළේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක වන ඩිජිටල් ආර්ථිකයක් තුළින් රටේ ආර්ථිකය නඟාසිටුවීමේ වැඩපිළිවෙළ සාක්ෂාත් කර ගැනීමට තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ අංශයේ සහ පුහුණුවේ වත්මන් ප්‍රවණතා පිළිබඳව සාකච්ඡා කිරීම සහ අත්දැකීම් බෙදා ගැනීම ඉතා වැදගත් වන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපතට පත් වූවන් සජිත් ළඟ දුක කියා හඬා වැටෙයි
04:09
Video thumbnail
ගංවතුරෙන් නිවාස ය#වීම නිසා කොටිකාවත්ත ගම්මු දැඩි අසරණවෙයි..සුද්ද කරන්න සුමාන දෙකක්වත් යයි
03:55
Video thumbnail
වෛද්‍යවරුන්ගෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
13:27
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55


?