Empty Ad
Empty Ad
 Empty Ad

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත් කෙටුම්පතට සංශෝධන – නීතිපති දැනුම් දෙයි

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත් කෙටුම්පතට සංශෝධනය කිහිපයක් සිදු කිරීමට රජය තීරණය කර ඇතැයි නීතිපතිවරයා අද ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නා.

එම සංශෝධන පාර්ලිමේන්තුවේ කාරක සභා අවස්ථාවේ දී ඉදිරිපත් කිරිමට නියමිත බවයි නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා අධිකරණයට දැනුම් දෙනු ලැබුවේ.

අදාළ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනුකර තිබූ පෙත්සම් අද විභාගයට ගත් අවස්ථාවේදී මෙම දැනුම් දීම සිදු කළා.

අදාළ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් පෙත්සම් 50 ක් පමණ ඉදිරිපත් වී තිබෙන බවයි විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු ප්‍රියන්ත ජයවර්ධන මහතා විවෘත අධිකරණයේ සඳහන් කළේ.

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනුකර තිබෙන පෙත්සම් විභාගය අද දහවල් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ආරම්භ කෙරුණා.

ප්‍රියන්ත ජයවර්ධන, ශිරාන් ගුණරත්න සහ අචල වෙංගප්පූලි යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේයි පෙත්සම් විභාගය පැවැත්වෙන්නේ.

අදාළ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්, සමගි ජනබලවේගයේ මහලේකම් හා පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර, එම පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන්, ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය, ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ හිටපු සභාපතිවරු වන සාලිය පීරිස් හා ජෙෆ්රි අලගරත්නම්, වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය, මාධ්‍යවේදී තරිඳු උඩුවරගෙදර ඇතුළු පිරිසක් විසින් මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබෙනවා.

පෙත්සම්කරුවන් කියා සිටින්නේ අදාළ පනත් කෙටුම්පතේ අන්තර්ගත වගන්ති බොහොමයකින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් සහතික කර තිබෙන භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහස ඇතුළු මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් සිදුවන බවයි.

එබැවින් අදාළ පනත් කෙටුම්පත සම්මත කිරීමට අවශ්‍ය නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් අනුමත වී එය ජනමත විචාරණයකින් ද අනුමත විය යුතු බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාඩු සහල් නැති එක බරපතල ප්‍රශ්නයක් - ලාල් කාන්තගෙන් මහනුවර ජනතාවට පොරොන්දුවක්
09:58
Video thumbnail
විපක්ෂ නායක පුටුවේ ඉඳගෙන මෝඩකම ප්‍රදර්ශනය කරපු දොස්තර ඊයේ Live ඇවිල්ලා කළ ආන්දෝලනාත්මක ප්‍රකාශය
04:12
Video thumbnail
ඡන්දෙට කලින් කිව්වේ එකක් - දැන් කියන්නේ තව එකක් - කැන්ටිමේ කන්න තිබේබේ වෙනදා කෑම ටිකමයි
06:29
Video thumbnail
KASTHIRAMA | සජබ මන්ත්‍රී ප්‍රසාද් සිරිවර්ධන සහ පෙරටුගාමී පක්ෂයේ පුබුදු ජයගොඩ සහභාගීවන කස්තිරම
01:28:05
Video thumbnail
ජාතික ජන බලවේගය යන පාර හරියට පැහැදිළි නෑ#npp #akd #sjb
08:32
Video thumbnail
විපක්ෂයේ දියාරු ගතිය මෙන්න - සජිත් ප්‍රේමදාසත් ,හර්ශ ද සිල්වාත් නැත්තටම නැති කරයි
08:57
Video thumbnail
ජනාධිපතිගේ රාජාසන කතාව NPPයට ඡන්දය දුන්නු අයව අපේක්ෂා බංගත්වයට පත්කරනවා
07:07
Video thumbnail
මැද කොළඹට ඇත්තටම මොකද වුණෙ? - මධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නයට මුජිබර්ට කටඋත්තර නැතිවෙයි
04:02
Video thumbnail
විපක්ෂයේ මන්ත්‍රී කෙනෙක් ආණ්ඩුවට බොක්කෙන්ම ආශිර්වාද කරයි..
03:06
Video thumbnail
IMF නියෝජිතයින් සහ විපක්ෂ නායක අතර සාකච්ඡාවෙන් පසු හර්ශ ද සිල්වා කළ අමුතු කතාව#imf #sjb
03:08

?