ළිඳක තිබී තුන්මස් බිළිඳියකගේ මළසිරුරක් හමුවෙයි

ගලෙන්බිඳුණුවැව – කොකාවැව පොලිස් වසමට අයත් දුටුවැව 12 කොටස ප්‍රදේශයේ නිවසක ඇති ගෙවත්තක් ආසන්නයේ ඉදිකර තිබෙන ළිඳකට වැටී සිටි කාන්තාවක් සහ ඇයගේ මියගිය මාස 03ක් වයසැති ගැහැනු දරුවෙකුගේ මළසිරුරක් හමු වී තිබෙනවා.

මෙලෙස ළිඳට වැටී සිට ඇත්තේ කටාරම්පුර ප්‍රදේශයේ පදිංචි තිදරු මවක් වන සඳරුවනි ප්‍රාර්ථනා යන තැනැත්තිය සහ ඇයගේ මාස 03ක් වයසැති බිළිඳියයි.

මෙම කාන්තාව පදිංචිව සිටි නිවසේ සිට මීටර් 300 ක් පමණ දුරින් පිහිටි ළිඳක තිබියදියි ඇයගේ දරුවාගේ මළසිරුර ප්‍රදේශවාසීන් විසින් සොයාගනු ලැබ ඇත්තේ.

අනතුරුව ප්‍රදේශවාසීන් විසින් හදිසි ඇමතුම් ඒකකය වන 1990 ට දූරකථන ඇමතුමක් ලබා දී ගිලන් රථයක් ගෙන්වා, ඒ මාර්ගයෙන් ගලෙන්බිඳුණුවැව ප්‍රාදේශීය රෝහල වෙත අසාධ්‍ය තත්ත්වයේ පසු වූ කාන්තාව ඇතුළත් කර තිබෙනවා.

මෙම කාන්තාව දරු ප්‍රසුතියෙන් පසු තම පියා පදිංචිව සිටි නිවසට පැමිණ ඇති බවයි හෙළි ව ඇත්තේ.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
1
+1
2
+1
3
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉන්ධන මිල අඩුවීම ගැන නලින්ද හෙළිකරයි - සහනය ඉවත් කළොත් මිල තව ඉහළ යනවා
02:43
Video thumbnail
පාස්කුවේ ප්‍රහාරයේ ප්‍රතිලාභියා කාදිනල් හිමිද ? කිසිම පූජකයෙක් මැ#ණේ නෑ..ඒක සැකයි
02:22
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.23
08:07:32
Video thumbnail
ත්‍රස්තවාදී පනතෙන් ආණ්ඩුවත් වැඩ ගන්නවද ?නලින්ද සියල්ල හෙළිකරයි - දික්කසාද නඩුවක් වගේද මේක පේන්නේ ?
05:34
Video thumbnail
සලේටයි බිරිඳටයි නලින්ද කට උත්තර නැතිවෙන්න කිව්ව කතාව - මහත්තයාට කන්න කියන්න..පූජා තියලා හරියන්නේ නෑ
04:32
Video thumbnail
සෙංකෝලය උස්සන්න ගිය සිද්ධිය ගැන නලින්ද සැරවෙයි - අපිට කරගන්න බැරි තත්ත්වයක් තිබුණේ
05:00
Video thumbnail
අධික වේගයෙන් ධාවනය වු යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:54
Video thumbnail
ඔයාලට වැඩ බැරි නම් ඔය පුටුවලින් නැගිටිලා යන්න
03:05
Video thumbnail
ප්‍රසාද් සර්ගේ ප්‍රකාශයට කැබිනට් මාධ්‍ය හමුවේදී සැර කතාවක් - අපි තීන්දු ගන්නේ නෑ අධිකරණයම බලාගයි
01:55
Video thumbnail
අපි අමාරුවෙන් රට ගොඩනගද්දී විපක්ෂය ඒක කඩාකප්පල් කරන්න හදනවා
03:01