spot_imgspot_img
spot_img

ළිඳක තිබී තුන්මස් බිළිඳියකගේ මළසිරුරක් හමුවෙයි

ගලෙන්බිඳුණුවැව – කොකාවැව පොලිස් වසමට අයත් දුටුවැව 12 කොටස ප්‍රදේශයේ නිවසක ඇති ගෙවත්තක් ආසන්නයේ ඉදිකර තිබෙන ළිඳකට වැටී සිටි කාන්තාවක් සහ ඇයගේ මියගිය මාස 03ක් වයසැති ගැහැනු දරුවෙකුගේ මළසිරුරක් හමු වී තිබෙනවා.

මෙලෙස ළිඳට වැටී සිට ඇත්තේ කටාරම්පුර ප්‍රදේශයේ පදිංචි තිදරු මවක් වන සඳරුවනි ප්‍රාර්ථනා යන තැනැත්තිය සහ ඇයගේ මාස 03ක් වයසැති බිළිඳියයි.

මෙම කාන්තාව පදිංචිව සිටි නිවසේ සිට මීටර් 300 ක් පමණ දුරින් පිහිටි ළිඳක තිබියදියි ඇයගේ දරුවාගේ මළසිරුර ප්‍රදේශවාසීන් විසින් සොයාගනු ලැබ ඇත්තේ.

අනතුරුව ප්‍රදේශවාසීන් විසින් හදිසි ඇමතුම් ඒකකය වන 1990 ට දූරකථන ඇමතුමක් ලබා දී ගිලන් රථයක් ගෙන්වා, ඒ මාර්ගයෙන් ගලෙන්බිඳුණුවැව ප්‍රාදේශීය රෝහල වෙත අසාධ්‍ය තත්ත්වයේ පසු වූ කාන්තාව ඇතුළත් කර තිබෙනවා.

මෙම කාන්තාව දරු ප්‍රසුතියෙන් පසු තම පියා පදිංචිව සිටි නිවසට පැමිණ ඇති බවයි හෙළි ව ඇත්තේ.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
1
+1
2
+1
3
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?