උඩින් – දියෙන් හා බිමෙන් ඊශ්‍රායලය ප්‍රහාරයකට සූදානමින්

ඊශ්‍රායලය පලස්තීනයේ හමාස් ත්‍රස්ත සංවිධානයට එරෙහි ව ඉතා ඉක්මනින් ම ප්‍රහාරයක් එල්ල කිරීමට සූදානමින් සිටින බව එරට ආරක්ෂක අංශය පවසනවා.

මේ වනවිටත් ඊශ්‍රායලයේ ත්‍රිවිධ හමුදාවන් එක් ව ගුවනින්, මුහුදෙන් මෙන් ම ගොඩබිමෙන් ගාසා තීරයට ප්‍රහාරයක් එල්ල කිරීමට මාන බලමින් සිටින බවටයි වාර්තා වන්නේ.

ඒ සඳහා ඊශ්‍රායලයේ ගුවන් හමුදාවේ ජ්‍යේෂ්ඨ අණදෙන නිලධාරින් ප්‍රහාරයට පසුබිම් සැකසීමට මේ වනවිටත් ගාසා තීරයට ඉහළ අහසේ ගුවන් පියාසැරි කරන බවටත් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

The Times of Israel වාර්තා කරන පරිදි භූමි ප්‍රහාර එල්ල කරන විට ඊශ්‍රායල හමුදාවට ගොඩබිම් මගින් ඉදිරියට යාම සඳහා අවශ්‍ය කරන පසුබිම මේ වනවිට ගුවන් හමුදාව මගින් සකස් කරන බවයි.

තමන් හමාස් සංවිධානයේ ජ්‍යෙෂ්ඨ අණදෙන නිලධාරියෙකුට පහර දී මරා දැමූ බවත් ඊශ්‍රායලයේ ආරක්ෂක අංශ ප්‍රධානියා පවසා තිබෙනවා.

රියර් අද්මිරාල් ඩැනියෙල් හගාරි කියා සිටියේ හමාස් සංවිධානය මිනිසුන් ඉවත්ව යාම වැළැක්වීමට උත්සාහ කළ ද ගාසා නගරයේ සිට 600,000කට අධික පලස්තීනුවන් දකුණෙන් ඉවත් වී ඇති බවටයි.

ඊශ්‍රායල ආරක්ෂක හමුදා ප්‍රකාශක ලුතිනන් කර්නල් පීටර් ලර්නර් පවසන්නේ සිය හමුදාව හමාස් සංවිධානයේ හැකියාවන් විනාශ කිරීමට හැකි උපරිමය සිදු කරන බවටයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බැකෝ සමන්ගේ මවට වෙ# තැබීමට වෙ#ක්කරුවන් පැමිණි බවට සැක යතුරුපැදියක් හමුවෙයි
01:14
Video thumbnail
සමහර ස්ථානවල අදත් ගිගුරුම් සහිත වැසි - එල්නිනෝ ක්‍රමයෙන් වර්ධනය වෙයි ?
05:14
Video thumbnail
අපේ රට දැන් සුරපුරයක්.. අවුරුදු දෙකකින් රට වෙනස් කළ හැටි මෙන්න..
02:36
Video thumbnail
ගෝඨාභයගේ කෙරුවාව මෙන්න ?කොවිඩ් කාලයේ සල්ලි අච්චු ගහලා බෙදුවේ
05:43
Video thumbnail
සමූපකාර සමිතිවල වංචා ගැන මහින්ද හෙළිකරයි - රු.1000 නම් අගට බිංදුවක් දාලා රු.10000 කළා
04:26
Video thumbnail
යන්ත්‍රයකින් හුස්ම ගන්න ලෙඩෙක් අපිට හම්බවුණේ - කකුලෙන් ඇදීමක් නෙවෙයි එකඟතාවක් අවශ්‍යයි
05:43
Video thumbnail
ලක්ෂ ගාණක් ණයවෙලා කරන්න දෙයක් නැතුව ඉන්නේ - වියළි කාලගුණය නිසා සාගිනි වැවත් හිදිලා..
02:17
Video thumbnail
නඩු ඇහෙනකොට දැන් පොඩි පොඩි කණ්ඩායම් කළබලයි - ඇස් පනාපිට දැන් නීතිය ශක්තිමත්වෙලා
06:46
Video thumbnail
කිරිවෙහෙර විහාරාධිපති හිමිපාණන්ගේ පියානන්ගේ දේහය නිවසට ගෙනෙයි
01:34
Video thumbnail
නලින්ද වේදිකාවේ ගැම්මට කිව්ව කතාව - ඇමතිලා යනකොට වාහන පෙළපාලි එන්නේ නෑනේ
04:38