රිය අනතුරින් මියගිය කොස්තාපල්වරිය ටෙඩිබෙයාත් සමග මිහිදන් වෙයි

ගලේවෙල තලකිරියාගම ප්‍රදේශයේ දී සිදුවූ යතුරු පැදි අනතුරින් මියගිය පොලිස් කොස්තාපල්වරියගේ අවසන් කටයුතු අද (13) සිදු කෙරුණා.

පසුගිය 11 වනදා පේදුරුතුඩුව පොලිසියේ සිට නිවාඩු ලබා නිවසට පැමිණෙමින් සිටියදී යි ඇය ගමන් කළ යතුරුපැදිය ටිපර් රථයක ගැටීමෙන් අනතුර සිදුව තිබුණේ.

එහිදී බරපතළ තුවාල ලැබූ කොස්තාපල්වරිය, දඹුල්ල රෝහලට ඇතුලත් කිරීමෙන් පසු ජිවිතක්ෂයට පත්ව තිබුණා.

මිය යන විට ඇය 25 හැවිරිදි වියේ පසු වුණා.

කොස්තාපල්වරියගේ දේහය අසලින්ම ඇය වඩාත් ආදරය කළ ටෙඩිබෙයා ද තබා තිබු අතර එය විශාල පිරිසකගේ ඇසට කඳුළක් එක් කළ සිදුවීමක් වූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

පොලිස් ගෞරවාචාර මධ්‍යයේ ඇය ගේ මිහිදන් කර ඇත්තේ ද එම ටෙඩිබෙයා සමගින්.

විශාල පොලිස් නිලධාරීන් පිරිසකගේ ආචාර පෙළපාලිය මැද අවසන් කටයුතු පූර්ණ පොලිස් ගෞරව සහිතව සිදු කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
1
+1
0
+1
35
+1
6
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.02
01:48:41
Video thumbnail
කවුද ආණ්ඩුව පෙරලන්න හැදුවේ..මම නම් කැමති මේ ආණ්ඩුව අවුරුදු 5ම යනවට
01:02
Video thumbnail
ආණ්ඩුවේ බොරුව නිසා මැති ඇමතිලගේ පුතාලට වෙලා තියෙන දේ..පිට්ටනියට යන්න බැරුව ඇති
07:50
Video thumbnail
දුමින්ද දිසානායක ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්න දෙසයි - ගමේ රැස්වීම්වල මිනිස්සු 50ක්වත් නෑනේ
04:13
Video thumbnail
අපිට බල කරපු නාමල් දැන් කොහෙද ඉන්නේ ? දැන් පොහොර නෑනේ මේ රටේ
02:33
Video thumbnail
උගන්ඩා කුමාරිට දුමින්ද හොඳ පදෙන්ම අමතයි - කිසි ගානක් නැතුව මෙච්චර බොරු කියන්නේ..
03:40
Video thumbnail
චාමර සම්පත් තමයි මොන දේටත් පෙනී ඉන්නේ..විපක්ෂයේ ප්‍රතික්ෂේපවීමට හේතුව අහන්න ඕනි සජිත්ගෙන්
06:06
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:38:40
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු එන්නද යන්නේ ? - එයාලා පෙරළගත්තොත් රට බාරගන්න කෙනෙක් ඉන්න ඕනි
02:37
Video thumbnail
සමගි ජන බලවේගය අපි එක්ක සම්බන්ධයි..හැබැයි පේන්නේ නෑ - මහින්දලා ගැන අදටත් අපේ විවේචන තියෙනවා
06:09