spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

රිය අනතුරින් මියගිය කොස්තාපල්වරිය ටෙඩිබෙයාත් සමග මිහිදන් වෙයි

ගලේවෙල තලකිරියාගම ප්‍රදේශයේ දී සිදුවූ යතුරු පැදි අනතුරින් මියගිය පොලිස් කොස්තාපල්වරියගේ අවසන් කටයුතු අද (13) සිදු කෙරුණා.

පසුගිය 11 වනදා පේදුරුතුඩුව පොලිසියේ සිට නිවාඩු ලබා නිවසට පැමිණෙමින් සිටියදී යි ඇය ගමන් කළ යතුරුපැදිය ටිපර් රථයක ගැටීමෙන් අනතුර සිදුව තිබුණේ.

එහිදී බරපතළ තුවාල ලැබූ කොස්තාපල්වරිය, දඹුල්ල රෝහලට ඇතුලත් කිරීමෙන් පසු ජිවිතක්ෂයට පත්ව තිබුණා.

මිය යන විට ඇය 25 හැවිරිදි වියේ පසු වුණා.

කොස්තාපල්වරියගේ දේහය අසලින්ම ඇය වඩාත් ආදරය කළ ටෙඩිබෙයා ද තබා තිබු අතර එය විශාල පිරිසකගේ ඇසට කඳුළක් එක් කළ සිදුවීමක් වූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

පොලිස් ගෞරවාචාර මධ්‍යයේ ඇය ගේ මිහිදන් කර ඇත්තේ ද එම ටෙඩිබෙයා සමගින්.

විශාල පොලිස් නිලධාරීන් පිරිසකගේ ආචාර පෙළපාලිය මැද අවසන් කටයුතු පූර්ණ පොලිස් ගෞරව සහිතව සිදු කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
1
+1
0
+1
35
+1
6
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?