G20 සමුළුව නරේන්ද්‍ර මෝදිගේ නායකත්වයෙන් ඇරඹෙයි

2023 වසරට නියමිත G20 පාර්ලිමේන්තු කථානායක සමුළුව අද ආරම්භ වුණා.

මෙම සමුළුව මෙවර පැවැත්වෙන්නේ ඉන්දියාවේ සත්කාරකත්වයෙන්.

09 වැනි වරටත් පැවැත්වෙන මෙම සමුළුව අද උදෑසන ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වුණා.

G20 ට සම්පූර්ණ දේශපාලන දායකත්වය දෙනු ලබන්නේ ඉන්දීය ව්‍යවස්ථාදායකය වන ලෝක් සභාව විසින්.

මෙම සමුළුව ඉන්දියාවේ නවදිල්ලි අගනුවර දී පැවැත්වෙනවා.

සමුළුව අමතමින් මෝදි සඳහන් කළේ ඉන්දීය ව්‍යවස්ථාදායකය වන පාර්ලිමේන්තුව සමස්ත දේශපාලනයේ හස්තයක් බවයි.

කෝටි 140ක ඉන්දියානුවන් වෙනුවෙන් මෙම සමුළුවට පැමිණි සියලු ම රාජ්‍යයන්වල සාමාජිකයින් ව ගෞරවයෙන් පිළිගන්නා බවටයි මෝදි සඳහන් කළේ.

මෙම සමුළුව අමතමින් ඉන්දියාවේ සඳ ගමන සාර්ථක වීම සම්බන්ධයෙන් ද වැඩිදුර අගය කිරීමක් සිදු කිරීමට අමතක කළේ නැහැ.

P20 සමුළුවට G20 සාමාජිකයින් සහ ආරාධිත රටවල පාර්ලිමේන්තු කථානායකවරුන් සහභාගී වනු ඇති.

එහි තේමාව වන්නේ ‘එක් පොළොවක්, එක් පවුලක්, එක් අනාගතයක් සඳහා වූ පාර්ලිමේන්තු’ යන්නයි.

ඉන්දුනීසියාව, මෙක්සිකෝව, සෞදි අරාබිය, ඕමානය, ස්පාඤ්ඤය, යුරෝපා පාර්ලිමේන්තුව, ඉතාලිය, දකුණු අප්‍රිකාව, රුසියාව, තුර්කිය, නයිජීරියාව, ඔස්ට්‍රෙලියාව, බ්‍රසීලය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, සිංගප්පූරුව, ජපානය, ඊජිප්තුව සහ බංග්ලාදේශය යන රටවල කථිකයන් සහ නියෝජිත පිරිසේ ප්‍රධානීන් මෙම අවස්ථාවට එක් ව සිටියා.

ANI පුවත් සේවයට අනුව, කැනඩාවේ නියෝජිතයා මෙම අවස්ථාවට සහභාගී නොවීම කැපී පෙනෙන කාරණයක්.

ඉන්දීය අග්‍රාමාත්‍ය කාර්යාලයට අනුව, P20 සමුළුව පහත සඳහන් විෂයයන් හතර කෙරෙහි අවධානය යොමු කරනු ඇති.

පොදු ඩිජිටල් වේදිකා හරහා ජනතාවගේ ජීවිතවල පරිවර්තනය, කාන්තා මූලික සංවර්ධනය, SDGs වේගවත් කිරීම සහ තිරසාර බලශක්ති සංක්‍රාන්තිය ගැන යි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොහොට්ටුවේ මීනු කළුතර හොල්ලයි..නාමල්ගේ Meetingවලට එන සෙනඟ දැකලා NPP එකේ කකුල් වෙව්ලනවා
07:01
Video thumbnail
නාමල් රාජපක්ෂගේ මීටින්වලට එන ජන ගඟ දැකලා NPP එකේ කකුල් සට සට ගාලා වෙව්ලනවා..
00:10
Video thumbnail
බොරු පොරොන්දු ආකරයක් තුළින් රටම රවට්ටලා - රජයේ මන්ත්‍රීලා එකතුවෙලා ඉඩම් මංකොල්ල කනවා ?
03:53
Video thumbnail
වී කන්න ආ වන අලියා නිවසට ප#රදී කුඩු කරලා - වන අලි තර්ජනය උග්‍ර වෙයි - ජනතාව අසරණවෙයි
00:47
Video thumbnail
කොට්ටහච්චිට හිටපු ඇමති චන්දිමගෙන් සැර හින්ට් එකක්.."කොට්ටෝරුවා වගේ"
10:54
Video thumbnail
මුළු තලවකැලේම ජනතාව භීතියට පත්කළ බස් නැවතුමේ බිහිසුණු සිදුවීම - ටවුන් එකේ ඉන්න බෑ
02:14
Video thumbnail
මහා දරුණු දේශපාලන කල්ලි අපි පලවා හැරියේ - අපිට ලැබුණේ අඩිය නැති ආර්ථිකයක් තිබුණ රටක්
10:53
Video thumbnail
මහින්ද මහත්තයා දකුණේ කියද්දි ගැම්මක් තිබුණා - නීතිය සැමට උඩින් කිව්වා..අද කෝ ආයෝජකයෝ ?
10:02
Video thumbnail
අධිබලැති විදුලි රැහැන් කණුවක නැගලා මනුස්සයෙක් දාපු සෙල්ලම - "පාන්දර ඉදලා ඉන්නේ..කෑගැහුවා"
02:02
Video thumbnail
දියවඩන නිලමේගෙන් පෙරහර ගැන විශේෂ ප්‍රකාශයක්..ඉතා විනයගරුකව පෙරහර නරඹන්න
02:08