AFC Banner
Empty Ad
Empty Ad

ඉරාන ජාතිකයන් 9කට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

මීට වසර 04කට පෙර ශ්‍රී ලංකාවට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී බෝට්ටුවකින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීම සහ සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ ඉරාන ජාතිකයින් 9 දෙනෙකුට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කර තිබෙනවා.

හෙරොයින් ජාවාරම් කිරීම සම්බන්ධයෙන් පැවරූ නඩුව විභාගයට ගත් අවස්ථාවේදී අදාළ චෝදනාවන්ට තමන් වරද පිළිගන්නා බවට සැකකරුවන් දැනුම් දීමෙන් අනතුරුව විත්තිකරුවන් වරදකරුවන් බව තීරණය කරමින් අදාළ දඬුවම් නියම කළ විනිසුරුවරයා නියෝග කර ඇත්තේ විත්තිකරුවන් වහාම රටින් පිටුවහල් කිරීමටයි.

2019 මාර්තු 29 වැනිදා හෝ ඊට ආසන්න දිනයක ශ්‍රී ලංකාවට අයත් අකුරල මුහුදු තීරයේදී හෙරොයින් ග්‍රෑම් 83.654ක් සන්තකයේ තබාගැනීම සහ ජාවාරම් කිරීම යන චෝදනා යටතේ විත්තිකරුට එරෙහිව නීතීපතිවරයා චෝදනා නඟා තිබුණා.

ශ්‍රී ලංකාව අත්සන් කර ඇති ජාත්‍යන්තර ගිවිසුමට අනුව එක් සිර දඬුවමක් විඳීමට විත්තිකරුවන් ඉරානයට පිටුවහල් කරන ලෙසටයි මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළේ.

නාවික හමුදාවට ලැබුණු තොරතුරකට අනුව අකුරල මුහුදු තීරයේ සැකකටයුතු අන්දමින් යාත්‍රා කරමින් තිබු යාත්‍රාවක් පරීක්‍ෂාවට ලක් කර හෙරොයින් මත්දව්‍ය තොගය සමග මෙම ඉරාන ජාතිකයන් අත්අඩංගුවට ගෙන තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
3
+1
1
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිතට නරක සිතුවිල්ලක් ආපුවාම - ඒක එවලේම අමතක කරලා දාන්න
09:33
Video thumbnail
8වන අනුප්‍රාප්තික විධායක ජනපති කළ අවසාන කතාව සම්පූර්ණයෙන් අහන්න
10:55
Video thumbnail
නුගේගොඩ වේදිකාවෙන් බැස්ස අනුරව වටකරගනී - හිමිනමක් අනුරව වැළඳ ගනී#anurakumaradissanayake
03:49
Video thumbnail
බල පෙරළිය ඇරඹෙයි - TNA ප්‍රබලයෙක් රනිල්ගේ සහයට
10:08
Video thumbnail
ජෝතිෂ්‍යට අනුව දිනන්නේ රනිල් - බුද මහ දසාවේ - සිකුරු අන්තරේ
02:07
Video thumbnail
සජිත්ගේ අවසන් රැළියට මහ සෙනගක් #sajithpremadasa
04:31
Video thumbnail
සජිත්ගේ වේදිකාවට අවසාන මොහොතේ නැගපු නිදහස් පක්ෂයේ ප්‍රබලයා
03:09
Video thumbnail
"එයා වාද විවාධ වලට යන්නේ නෑ" - ටිල්වින් - සජිත් නැත්තට නැති කරයි
05:37
Video thumbnail
සජිත් - නාමල් හොරෙන් ගහපු සන්ධානය ගැන විශේෂ හෙළිදරව්වක්
05:14
Video thumbnail
AKD නුගේගොඩ දෙවනක් කළ අවසන් සුපිරි කතාව#anurakumaradissanayake #npp
05:48

?