ඉරාන ජාතිකයන් 9කට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

මීට වසර 04කට පෙර ශ්‍රී ලංකාවට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී බෝට්ටුවකින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීම සහ සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ ඉරාන ජාතිකයින් 9 දෙනෙකුට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කර තිබෙනවා.

හෙරොයින් ජාවාරම් කිරීම සම්බන්ධයෙන් පැවරූ නඩුව විභාගයට ගත් අවස්ථාවේදී අදාළ චෝදනාවන්ට තමන් වරද පිළිගන්නා බවට සැකකරුවන් දැනුම් දීමෙන් අනතුරුව විත්තිකරුවන් වරදකරුවන් බව තීරණය කරමින් අදාළ දඬුවම් නියම කළ විනිසුරුවරයා නියෝග කර ඇත්තේ විත්තිකරුවන් වහාම රටින් පිටුවහල් කිරීමටයි.

2019 මාර්තු 29 වැනිදා හෝ ඊට ආසන්න දිනයක ශ්‍රී ලංකාවට අයත් අකුරල මුහුදු තීරයේදී හෙරොයින් ග්‍රෑම් 83.654ක් සන්තකයේ තබාගැනීම සහ ජාවාරම් කිරීම යන චෝදනා යටතේ විත්තිකරුට එරෙහිව නීතීපතිවරයා චෝදනා නඟා තිබුණා.

ශ්‍රී ලංකාව අත්සන් කර ඇති ජාත්‍යන්තර ගිවිසුමට අනුව එක් සිර දඬුවමක් විඳීමට විත්තිකරුවන් ඉරානයට පිටුවහල් කරන ලෙසටයි මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළේ.

නාවික හමුදාවට ලැබුණු තොරතුරකට අනුව අකුරල මුහුදු තීරයේ සැකකටයුතු අන්දමින් යාත්‍රා කරමින් තිබු යාත්‍රාවක් පරීක්‍ෂාවට ලක් කර හෙරොයින් මත්දව්‍ය තොගය සමග මෙම ඉරාන ජාතිකයන් අත්අඩංගුවට ගෙන තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගාල්ලේ පවතින ආපදා තත්ත්වය පිළිබඳව විශේෂ ප්‍රකාශයක් - අංක එක ජීවිත හානි වළක්වා ගැනීම
03:28
Video thumbnail
ශ්‍රී මහා බෝධිය වැද පුදා ගැනීමට බැතිමතුන් රැසක් පැමිණෙයි
00:44
Video thumbnail
හිටපු ජනපතිවරයෙක් ලසන්තට අසභ්‍ය වචනයෙන් බැනලා - මරණය ගැන දන්න අය කට හෙල්ලුවේ නෑ
13:36
Video thumbnail
පොළොන්නරුවම සලිත කළ රෝහලේ පිපිරීමේ ඔබ නොදුටු දර්ශන - ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංගත් එයි
01:31
Video thumbnail
පිපිරුණු වකුගඩු රෝහල නිරීක්ෂණයට ගිය ටී.බී.සරත් - "පුපුරා යාමෙන් විශාල හානියක් වෙලා"
03:25
Video thumbnail
ලසන්තගේ මරණය ගැන රංග හෙළිකරපු දේ - ඇම්මක් තියෙන අයව සමහරුන්ට දිරවන්නේ නෑ
10:55
Video thumbnail
වකුගඩු රෝහලේ සිදුවූ පිපිරීමෙන් තුවාල ලැබූවන්ගෙන් තිදෙනෙක් දැඩිසත්කාරයේ - මෙන්න එහි නවතම දර්ශන
01:04
Video thumbnail
මහ ජන ගඟක් රුවන්වැලි මහ සෑය වැද පුදාගන්න පැමිණෙයි - සැදැහැවතුන්ගෙන් පිරෙයි
01:10
Video thumbnail
22ක සම්මත වීම ගැන සජිත් කිව්ව දේ - පාර්ලිමේන්තුවේ ඔළුගෙඩිවලින් ජයග්‍රහණයක්
01:39
Video thumbnail
මරික්කාරයා දැන් මෙහෙම නම් බලය ගත්තම මුන් වගේ පි#සෝ වෙන කොහෙවත් නෑ - අපිලගේ සාදුට යකා නගියි
03:56