ඉගිනිමිටිය ජලාශයේ ගිලී පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.
මෙම ඛේදවාචකය සිදු ව ඇත්තේ ඊයේ පස්වරුවේ වන අතර, මෙලෙස දියේ ගිලී මරණයට පත් ව ඇත්තේ ඉගිනිමිටිය වාරිමාර්ග ඉංජිනේරු කාර්‍යාලයට අනුයුක්ත ව සේවය කළ 29 හැවිරිදි සැලසුම් ශිල්පියෙකු බවයි වාර්තා වන්නේ.
මොහු රාජකාරි කටයුත්තක් සඳහා මිනුම් කටයුතු සිදු කිරීමට තවත් නිලධාරීන් තිදෙනකු සමග ජලාශය වෙත ගොස් තිබෙනවා.
නමුත් හිටිහැටියේ එක් අයෙකු අතුරුදන් බවට දැනගැනීමෙන් පසු ව අනෙක් නිලධාරීන් සිදු කළ සොයා බැලීමක දී දැක ඇත්තේ එම තරුණයා දියේ ගිලී ඇති බවයි.
අනතුරුව දියේ ගිලී සිටි තරුණයාගේ දේහය ගොඩට ගෙන ඒමට නවගත්තේගම පොලීසිය සහ ඉගිනිමිටිය ජනතාව එක් ව කටයුතු කර තිබුණා.
මෙලෙස මරණයට පත් ව ඇත්තේ සමීර සඳරුවන් ප්‍රේමසිරි නම් විවාහක පුද්ගලයෙක්.
දේහය ගොඩගැනීම කරුවලගස්වැව හදිසි මරණ පරීක්ෂක විජය සමරතුංගගේ සහභාගීත්වයෙන් සිදුකළ අතර පශ්චාත් මරණ පරීක්ෂණය පුත්තලම මූලික රෝහලේ දී සිදු කිරීමට නියමිතයි.














JALAYA ASHRITHAWA RAKIYA KARANA AYATA OVERALL, SAFETY SHOES, SAFETY GLOVES, LIFE SAVING JACKETS DENNE NATHI DHA?