ඉගිනිමිටිය ජලාශය වාරිමාර්ග සැලසුම් ශිල්පියෙකු බිලි ගනියි

ඉගිනිමිටිය ජලාශයේ ගිලී පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.

මෙම ඛේදවාචකය සිදු ව ඇත්තේ ඊයේ පස්වරුවේ වන අතර, මෙලෙස දියේ ගිලී මරණයට පත් ව ඇත්තේ ඉගිනිමිටිය වාරිමාර්ග ඉංජිනේරු කාර්‍යාලයට අනුයුක්ත ව සේවය කළ 29 හැවිරිදි සැලසුම් ශිල්පියෙකු බවයි වාර්තා වන්නේ.

මොහු රාජකාරි කටයුත්තක් සඳහා මිනුම් කටයුතු සිදු කිරීමට තවත් නිලධාරීන් තිදෙනකු සමග ජලාශය වෙත ගොස් තිබෙනවා.

නමුත් හිටිහැටියේ එක් අයෙකු අතුරුදන් බවට දැනගැනීමෙන් පසු ව අනෙක් නිලධාරීන් සිදු කළ සොයා බැලීමක දී දැක ඇත්තේ එම තරුණයා දියේ ගිලී ඇති බවයි.

අනතුරුව දියේ ගිලී සිටි තරුණයාගේ දේහය ගොඩට ගෙන ඒමට නවගත්තේගම පොලීසිය සහ ඉගිනිමිටිය ජනතාව එක් ව කටයුතු කර තිබුණා.

මෙලෙස මරණයට පත් ව ඇත්තේ සමීර සඳරුවන් ප්‍රේමසිරි නම් විවාහක පුද්ගලයෙක්.

දේහය ගොඩගැනීම කරුවලගස්වැව හදිසි මරණ පරීක්ෂක විජය සමරතුංගගේ සහභාගීත්වයෙන් සිදුකළ අතර පශ්චාත් මරණ පරීක්ෂණය පුත්තලම මූලික රෝහලේ දී සිදු කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
4
+1
1
+1
2
+1
65
+1
7
+1
2
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගමක් හෙල්ලෙන්න ගහපු උණ වෙඩි - මේක නම් බලන්නම ඕන වීඩියෝ එකක්
05:07
Video thumbnail
හයි වේ එකේ දැන් තත්ත්වය මෙන්න - මීට කළින් මෙහෙම ට්‍රැෆික් එකක් දැකලා තියෙනවද ?
04:22
Video thumbnail
දක්ෂිණ අධිවේගයේ ලොකු අනතුරක් - මෙන්න දැන් ලැබුණු සජීවී දර්ශන සියල්ල
00:58
Video thumbnail
දක්ෂිණ අධිවේගයේ ලොකු අනතුරක් - මෙන්න දැන් ලැබුණු සජීවී දර්ශන සියල්ල
03:58
Video thumbnail
බයික් එක ඉස්සුවද ? මෙන්න බඩු පොලිසියේ
02:34
Video thumbnail
සුද්දෝ සුද්දියෝ අවුරුදු සමරපු හැටි - ඇස් බැඳලා කිරි කාපු විදිහ තමයි මරු
03:58
Video thumbnail
ගමෙන් ආපු මිනිස්සු නැත්නම් කොළඹත් ගම වගේ
07:23
Video thumbnail
දළඳා හාමුදුරුවෝ ඉස්සරහා පිරිත් හඬ මැද්දේ කිරි උතුරා ගිය හැටි
03:23
Video thumbnail
පාරේ සිමෙන්ති බාපු අයියට පොලිසිය කියලා දීපු පාඩම
06:11
Video thumbnail
සජිත්ට ඇයි මේ අවුරුදු කටේ තරහා ගිහිං
13:08

?