Empty Ad
Empty Ad
 Empty Ad

එංගලන්තයෙන් බංගලීන්ට දැවැන්ත ඉලක්කයක්

එක්දින ක්‍රිකට් ලෝක කුසලානයේ අද පෙරවරුවේ පැවති 07 වැනි තරගයෙන් ජයග්‍රහණයට බංග්ලාදේශ කණ්ඩායමට ලකුණු 365ක ඉලක්කයක් හිමි වුණා.

ඒ ප්‍රතිවාදී එංගලන්ත කණ්ඩායමෙන්.

තරගයේ කාසියේ වාසිය දිනූ බංග්ලාදේශයේ නායක ශකීබ් අල් හසන්ගේ ඇරයුමින් එංගලන්ත කණ්ඩායම පළමු ව පිත්ත අතට ගත්තා.

ඒ අනුව ආරම්භක පිතිකරුවන් යුවළ ලෙස පිටියට පැමිණියේ ජොනී බෙයාර්ස්ටෝස් සමගින් ඩේවිඩ් මලාන්.

බෙයාර්ස්ටෝස් සිය 100 වැනි එක්දින තරගයට ද අද එක් වෙමින් හැඩකාර අර්ධ ශතකයක් ලබා ගැනීමට සමත් වුණා.

කණ්ඩායමේ ලකුණු පුවරුවේ නැංගූරම බවට පත් වූ මලාන් 6 වැනි එක්දින ශතකය ලබා ගත්තේ පන්දු 91කට මුහුණදෙමින්.

ඔහු දැවී ගියේ Mahedi Hasan යොමු කළ පන්දුවක් කඩුල්ලේ වැදීමෙන්.

ඒ වනවිට මලාන් පන්දු 107ක දී දැවැන්ත හයේ පහරවල් 05ක් සහ හතරේ පහරවල් 16ක් සමගින් ලකුණු 140ක් රැස්කරගෙන සිටියා.

ජෝයි රූට් ලකුණු 82යි.

කඩුලු බිඳ දැමීමේ දී බංග්ලාදේශය වෙනුවෙන් Mahedi Hasan ලකුණු 74කට කඩුලු 04ක් ද, Shoriful Islam කඩුලු 03ක් ද බිඳ හෙලුවා.

එක් කඩුල්ල බැගින් ටස්කින් අහමඩ් ට සහ ශකීබ් අල් හසන් ට හිමි වුණා.

ඒ අනුව එංගලන්තය පරාජයට පත් කිරීමට බංග්ලාදේශයට හිමි වූ ඉලක්කය පන්දු 300ක දී දැවැන්ත ලකුණු 365ක්.

තරගය පැවැත්වෙන්නේ ඉන්දියාවේ ධර්මසාලා හි දියි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Breaking News🛑 බටවල බිහිසුණු අනතුර - ප්‍රයිවට් බස් එක දෙකට කැඩිලා ගිහින්
Video thumbnail
රුපියල් ලක්ෂ 30ක් පමණ වටිනාකමකින් යුතු කේරළ ගංජා තොගයක් STF දැලේ
01:16
Video thumbnail
කයිවාරු ආණ්ඩුවක් - කතාව දෝලාවෙන් - ගමන පයින්
03:04
Video thumbnail
ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර ප්‍රශ්නයෙන් පැනලා ගිය සජිත්
09:03
Video thumbnail
ජීවිතයේ ප්‍රශ්න වලින් පැනලා යන්න එපා - එවා අභියෝග කරගෙන ජීවතය ජයගන්න
04:55
Video thumbnail
පොල් අතු කඩවල වෙළඳාම් කරන අයට මාලිමාවෙන් අලුත් කඩ කාමර
06:40
Video thumbnail
ඩොලර් හොයන්න තියෙන්නේ ක්‍රම 5යි - මෙන්න මාලිමාවේ සුපිරි සැලසුම්
02:25
Video thumbnail
ජනාධිපතිගේ වාහනයට ආණ්ඩුවෙන් තෙල් ගහන්නේ නෑ
02:39
Video thumbnail
මේ මැතිවරණය මාලිමාව record පිට record තිබ්බා #npp
03:19
Video thumbnail
ආය පාර්ලිමේන්තුවේ මිරිස්කුඩු ගැහිලි නෑ - ඒවටනම් තිත - කතානායක දුන්නු උපදෙස මෙන්න
01:44

?